
(රෝෂන් තුෂාර)
පොලිසිය කප්පම් ඉල්ලා සිටියේ යැයි කියමින් අවුරා ලංකා සමාගමේ සභාපති විරංජිත් තාබුගල සැකකරු සිදු කරන ප්‍රකාශය ලබන 24 දින ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද (18) දන්වා සිටියේය.
සැකකාර තාඹුගල මහතා විශේෂ මෝෂමක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙසේ ප්‍රකාශය ලබාදීම සඳහා දින නියම කළේය.
හෙලිකොප්ටරයක් ලබා ගැනීම සඳහා මුදල් ලබාගෙන රුපියල් මිලියන හැත්තෑවක් (කෝටි හතක්) වංචා කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගතව සිට ඇප මත මුදා හැරි තාඹුගල සැකකරු රහස් පොලිස් නිලධාරීන් තමාගෙන් රුපියල් කෝටි 30ක මුදලක් ඉල්ලා සිටි බවට සදහන් කරමින් කප්පම් චෝදනාවක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ හමුවේ පසුගිය 27 දින කරුණු ඉදිරිපත් කළේය .
සැකකාර තාබුගල මහතා සිය නීතිඥ උපාලි ජයමාන්න මහතා මගින් මෙම චෝදනාව ඉදිරිපත් කළේය.
මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයේ පෙනී සිටි අතර අදාළ ප්‍රකාශය ලබාදීම සම්බන්ධයෙන් පොලිසියේ විරුද්ධත්වයක් නොමැති බව සඳහන් කළේය.
පැමිණිකාර සමාගමේ නීතිඥවරයාද ඊට විරුද්ධත්වයක් ප්‍රකාශ නොකළේය. තාඹුගල සැකකරුට එරෙහි විමර්ශන පිටුපස ප්‍රබල දේශපාලනඥයින් සිටින බවද නීතිඥ උපාලි ජයමාන්න මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
250
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පොලීසියට එරෙහි තාබුගලගේ ප්‍රකාශය ඉදිරිපත් කරන්න දිනයක්
Ruwan De Silva Wednesday, 19 June 2024 09:27 PM
අවුරා ලංකා කියන්නෙත් රාජපක්ෂ කළු සල්ලි සුදු කරන මෙෂිමක්, රට වටේම සංගීත ප්‍රසංග තියන්න ඔච්චර සල්ලි කොහෙන්ද? අටවස් පාස් නැති කෙනාට කොහොමද වෛද්‍ය උපාධියක් ගත්තේ?