
( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පිස්තෝල අවියක් සහ ජීව උණ්ඩ 15 ක් සමග පතුරොම් ගැබ අස්ථානගතවීම සම්බන්ධයෙන් මිහිජය සෙවණ පොලිසියේ පොලිස් සැරයන් වරයෙකුගේ සහ - පොලිස් කොස්තාපල්වරියකගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මූලස්ථානය කියයි
ඉකුත් මස 29 වෙනි දින සවස 6 සිට පසුදින 6 හය දක්වා පොලිස් සැරයන්වරයකු රාත්‍රී ජංගම සංචාරය සඳහා යොදවා සිටියදී ඔහු භාරයේ තිබූ අංක ජි 5683 දරණ පිස්තෝල අවිය හා ඊට අයත් ජීව උණ්ඩ සහ පතරම් ගැබ අස්ථානගතව තිබියදී වංක චේතනාවෙන් එය වසම්කරමින් එම අවිය ඇතුළු උණ්ඩ උපසේවක කාන්තා පොලිස් කොස්තාපල්වරිය වෙත පසුදින (30) හරියාකාරව භාරදුන් බවට අසත්‍ය සටහන් යොදා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත
එදින උපසේවක රාජකාරී යෙදී සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරිය එම අංක දරණ පිස්තෝල අවිය සහ උණ්ඩ ඇතුළු පතුරුම් ගැබ අස්ථානගතව තිබියදී භෞතික පරික්ෂා කිරීමකින් තොරව එම අවිය හරියාකාරව භාරගෙන ආරක්ෂක පෙට්ටියේ තැබූ බවට තොරතුරු සටහන් පොතේ සටහන් යොදා ඇති බවට ද විමර්ශනවලදී අනාවරණය වුවත් එම අවිය මේ වන විටත් අස්ථානගතව ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එසේ කල යුතුයි! මෙය හොද ආදර්ශයක් අනෙකුත් නිලධාරීන්ටත් නිසි ලෙසින් විමර්ශනය කර විනය ක්‍රියාමාර්ග ගතයුතුයි,
අනිවාර්යයෙන්ම පොලිස් සැරයන් අත්අඩංගුවට ගෙන අපරාධ කොට්ඨාසය වෙත බාරගෙන ප්‍රශ්න කර උසාවියට බාරදිය යුතුයි