
(කේ බුද්ධික කුමාරසිරි)
හෝමාගම පෞද්ගලික ආයතනයකට අයත් උද්‍යානයක ආවරණය කළ කුඩා කාමර තුල බාලවයස්කාර දරැවන් ලිංගික කටයුතු සිදු කරන බවට ලද පැමිණිලි මත එම ස්ථානය අද (24) දින වැටලූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.
ඒ අනුව අදාල වැටලීමේදී අදාල කුටි තුල සිටි තරැණ ජෝඩු 24 ක් හමු වූ බවත් වටලන අවස්ථාවේදී බොහොමයක් ජෝඩු එහි සිටි බැවින් එම සියලු දෙනා කැදවා එම දරැවන්ට කරැණු පැහැදිලි කර දී උපදෙස් ලබා දීමෙන් පසු අදාල දැරියන්ගේ භාරකරැවන් වෙත දුරකතන ඇමතුම් ලබා දී මුදා හැරීමට කටයුතු කල බවත් පොලිසිය පවසයි.
තම දරැවන් සමග අදාල උද්‍යානයට යාමේදී පාසල් වයසේ දරැවන් වැනි දරැවන් අදාල ආවරණය කළ කුඩා කාමරතුල නොහොබිනා අයුරින් සිටන බැවින් මේ සදහා පියවරක් ගන්නා ලෙස ප්‍රදේශයේ දෙමාපියන් ආගමික නායකයන් සහ බුද්ධි අංශ මගින් සිදුකල පැමිණිලි මත හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබා ගත් සෝදිසි කිරීමේ නියෝගයක් මත මෙම වැටලීම සිදුකල බවද පොලිසිය පවසයි.
COMMENTS
පොලිස්පතිතුමනි, බොහොම හොඳ ක්‍රියාමාර්ගයක්. එතකොට මීගමුවේ තියෙන "රූම්ස් " අල්ලන්නේ කවදාද? ඒවා අල්ලන්න බයද? එහෙම නැතිනම් මීගමුව පොලිසිය රූම්ස් කාරයින්ගෙන් ජරාව කනවාද? හලාවත පාර, මිනුවන්ගොඩ පාර, කිඹුලාපිටිය පාර, ලාසරස් පාර... රූම්ස් වලට ප්‍රසිද්ධම පාරවල්. මේවා රේඩ් කරන්න පොලිසිය අදිමදි කළොත්... ප්‍රදේශයේ ජනතාව විසින් ඔය කියන රූම්ස් තියෙන ගෙවල් කුඩු කරන බව කියනවා...
ඔය ගණිකා නිවාස සෑම නගරයකම තියෙනවා. ඒවා ගොඩක් පොලිසියේ දනුම් තේරුම් ඇතිව කෙරෙන නිවාස. ඉන්න හිතෙන රටක්....
තම දරුවන්ට හොඳ නරක කියලා නොදී ලෝකයා හදන්න බෑ. ඔය කියන රූම්ස් වහලා දාන්න නම් හෝම් ස්ටේ සංචාරක ප්‍රවර්ධනය නවත්තන්න වෙනවා. ලෝකය පිළිගන්න දේ අපට නවත්තන්න බෑ. එහෙමනම් සංචාරක ව්‍යාපාරය නවත්තන්න. ඒ එන ගෑණු පිරිමි කසාද සහතික අරගෙන එන්න කියලා දන්වන්න... අනික ඔය වැටලීමෙන් පසුව බාරකාරයින්ට එකවර දැනුම් දී බාරදීම ළමයින්ට පෞරුෂය විනාශ කිරීමක්... දැඩි අවවාද දී පිටත් කිරීම බැරිද?
ඉරිසියාකාරයෝ යමක් හොයාගන්න දෙන්නේම නැහැනේ... කියලා සමහර අයවලුන් මැසිවිලි නගයි.
එවැනි ස්ථාන කුලියට දෙන සමහර පුද්ගලයින් එම වයසේම ගැහැණු, පිරිමි දරුවන් ඉන්න තාත්තලා, නමුත් තම දරුවන් බේරිලා අනික් දූදරුවන් විනාශ වුණාට ඒ ගොල්ලන්ට කිසිම ගාණක් නැහැ. සල්ලි තමයි ප්‍රධාන ඉලක්කය. අවසානයට ඔවුන්ටත් කළ පවු ඵලදී සියලු දේවල් තේරුම් ගන්නා විටදී ඔවුන්ගේ දරුවන්ටද සිදුවිය යුතු සියලු කරදර සිදුවී හමාරය. ධාර්මිකව, සාධාරණව මුදල් හම්බ කරමු.
ලිංගිකත්වය ඇලජික් මීගමුවේ මේරි නෝනට ගොඩක් ඩෝන් ගිහිල්ලනේ... තරුණ ජෝඩුවකට බස් එකක එකළඟ ඉඳගෙන යද්දී පවා ඔරවන මේරි නෝනලා වගේ අය ලංකාවේ ඉන්න නිසා තමයි තරුණ තරුණියන්ට මේ වගේ තැන්වලට යන්න සිදුවෙලා තියෙන්නේ... උද්‍යානයකදී හෝ මුහුදු වෙරළකදී තරුණ ජෝඩුවක් ආදරයෙන් අත්වැල් බැඳගෙන ඉන්නවා දැක්කාම මේ අයගේ ලිංගික ඉරිසියාව ඉස්මතු වෙනවා.. යොවුන් ආදරය නොහඳුනනවා වගේ හැසිරෙන වැඩිහිටියන් දැක්කාම මට නම් හිතෙන්නේ..., ඔවුන්ගේ තරුණ අවධියේ කිසියම් ඇබැද්දියකට මුහුණ දුන් අය කියලයි. තරුණ කාලේ කරන්න පුළුවන් ඔක්කෝම ජෝගි නටලා දැන් පත්තිනි අම්මලා වෙන්න දඟලන අය ගැන මට නම් හිතාගන්න පුළුවන්... මේ මොංගල් වැඩිහිටියන්ව පුනරුත්ථාපනය කළ යුතුයි.
මේක සාධාරනීකරනය කොරන මේ කමෙන්ට්ස් දාන විද්වතුන්ගේ දියණියන්ද මෙවැනි ජෝඩු රූම් වලින් හමු නොවේවා....
මේව සාධාරනීකරනය කරන උන්ගෙ දුවෙක් මේ වගෙ තැනක සිප් එක ඇරන් ඉන්න එකෙක් එක්ක අහුවුනොත් මේ බයිල කියාවිද
දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්න. රටේ නීතිය වයස 16 නම් ඒ වයසේදී ලිංගික නිදහස දෙන්න. මිනිසාට ලිංගික අවශ්‍යතාවය, කෑමබීම, ඇඳුම් පැළඳුම් වගේම අවශ්‍යතාවයක්. එතකොට ලිංගික අසහනයෙන් පෙලෙන අය අඩු වේවි...!
හරිහැටි දරුවන්ට අධ්‍යාපනය දෙනවා නම්, ලිංගිකත්වය තේරුම් ගන්නේ නම් සහ වැඩිහිටි ආදරය නිසි ලෙස ලැබුනා නම් දරුවන්ව ඔහොම තැන්වලට අරන් යන්න බැහැ . තරුණ ළමුන් ආදරය කල යුතුයි. එකට තහංචි දමන්න ගියොත් වෙනත් ප්‍රශ්න එවි. ප්‍රසිද්ධ තැන්වල හමුවන්න නීති දැම්මොත් ළමයි ඉබේම කාමරවල නවතීවි.
ලන්සා ගේ තාත්තාගේ ජොබ් එක මොකක්ද ?
අවුරුදු 18ට වැඩි අය රූම් යන එකේ කිසි වරදක් නැහැ.