(යොහාන් භාසුර)
පෙට්‍රල් මිල අද (1) මධ්‍යම රාත්‍රියේ සිට පහත දමන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 40කින් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් අඩු වන බවත් ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 410 ක් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 510 ක් බවත් අමාත්‍යවරයා කීය.
ඩීසල් ඇතුළු සෙසු ඉන්ධනවල මිල එලෙසම පවතින බවද බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
පෙට්‍රල් මිල අඩු නොකර හෝ එමගින් ලැබෙන ආදායමෙන් දුප්පතුන්ට අධාර ලබාදෙන්න
ඩීසල් මිල අඩු කිරීම තුළින් සියළු භාණ්ඩ වල මිල අඩු කරන්න පුළුවන් නේද? එය මහජනතාවට යම් සහනයක් ඇති වෙනවා නේද?.
what rubbish, truly eyewash.
මේ පාර පරිප්පු සැමන් මිල අඩු කරන්නෙ නැද්ද?
ඩීසල් මිල අඞු කළහොත් බඩු මිල අඩුකළ හැකි වනු ඇත.
මිල අඩුකළාට වැඩක් නැහැ... බඩු නැහැ. මේ ආණ්ඩුව රට තවත් බංකොළොත් කරලයි පස්ස බලන්නේ...!
තව බැරිද අඩු කරන්න..?