IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පුරාවස්තු වැනසෙන ක්‍රමයක් පෙන්නයි

(පුෂ්පකුමාර මල්වආරච්චි)

පුරාවිද්‍යා, පරිසර,හා වනජීවී යන අමාත්‍යංශ තුනකට පැවරී තිබෙන එකම භූමිය වන ඓතිහාසික පොළොන්නරුව පූජා භූමියේ අක්කර සිය ගණනක කොළ රොඩු ඉවත් කිරීමට  ගෙන ඇති අවිධිමත් ක්‍රමවේදයක් නිසා පෞරානික පබළු, කාසි වැනි කුඩා පුරාවස්තුවල සිට ඇසට පෙනෙන නොපෙනෙන බොහෝ දේ විනාශවී යාමේ තර්ජනයක්  ඇතැයි පුරා වස්තු සුරැකීමේ සංවිධානයේ සභාපති උඩස්ගිරියේ සමිත හිමියෝ පැවසූහ.

මධ්‍යම සංස්කෘතික අරමුදල පොළොන්නරුව පුරාවිද්‍යා හා වන රක්‍ෂිතයේ මතුපිට ඇති ද්‍රව්‍ය ඉවත්කිරීම පෞද්ගලික සමාගමකට භාරදී තියෙනවා.

මතුපිට කොල රොඩු තට්ටුව සූරා ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව ලබාගත් කොන්ත්‍රාත්කරුවන් මෙහි ඇති ඓතිහාසිකත්වය ගැන දන්නේ නැහැ. මහ පොලොවෙ පුරාවස්තු තිබෙන්නේ පස හා එකට සම්බන්ධ වෙමිනි. මෙය ඉතා පරිස්සමින් කළ යුතු කටයුත්තක් . මේ ඉවත් කරන පස් මිශ්‍ර කොල රොඩු අතර පබළු කාසි වැනි කුඩා පුරාවස්තුවල සිට ඇසට පෙනෙන නොපෙනෙන බොහෝ දේ තිබෙන්න පුළුවන්.

කැණීම් කරපු නොකරපු හැම තැනකම කුඩා මුරගල් ද තියෙනවා. මේ ක්‍රියාවලිය නිසි අධීක්ෂණයකින් සිදු නොකලහොත් ජාතියට වටිනා පුරාවස්තු අහිමි වීමේ දැඩි තර්ජනයක් තියෙනවා.

අද පුරාවස්තු කියන්නේ විශාල ජාවාරමක් බැවින් වහාම මේ ගැන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල සොයා බලා මෙය නතර කළ යුතුයි.

බටලීයේ පිහිටි එම සංවිධානයේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී සමිත හිමියෝ මේ බව හෙලි කළහ.‍



අදහස් (1)

පුරාවස්තු වැනසෙන ක්‍රමයක් පෙන්නයි

මොට්ටපාල Wednesday, 31 May 2023 05:24 AM

මධ්‍යම සංස්කෘතික අරමුදලට තියෙන වගකීම එහි ප්‍රධානියා නොදන්නා නිසා මෙහෙම වෙනවා කියලා හිතෙනවා .ඇත්තටම පුරාවස්තු සම්බන්ධයෙන් වගකීම තියෙන්න ඕන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට පමණයි .මෙහෙම බෙදා හදාගෙන පුද්ගලික වාසියට කටයුතු කලාම ඔහොම වෙනවා. කොන්ත්‍රාත් දීමේදී කිසිම කොන්දේසියක් නොදමා කටයුතු කලොත් ඔහොම වෙනවා .මේවා මෙහෙම වීමට බෙදාගෙන කටයුතු කිරීමට අනුමැතිය දෙන ඇමතිවරයා හා කැබිනට් එක මෙහෙම දේවල් සදහා වගකිවයුතුය කියලා හිතෙනවා

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 56 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 719 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 342 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site