IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පුද්ගල සිරුරක අස්ථි හොරොව්පොතානේ කැලයකින් හමුවෙයි

(පැතුම් දර්ශන)

මීට වසර තුනකට පමණ පෙර අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ බවට සැකකරනු ලබන හිස් කබලක් සහ ඇටකටු කිහිපයක් හොරොව්පොතාන ඉහළ කුඹුගොල්ලෑව, මස් වැව රක්ෂිතයේදි අද (02) දහවල් සොයා ගත් බව හොරොව්පොතාන පොලිසිය කියයි.

මියගිය බවට සැක කරන පුද්ගලයාගේ බෑනා විසින් අද  (02) උදෑසන පොලිසියට සිදුකරණ ලද පැමිණිල්ලකට අනුව මෙම හිස් කබල සහ ඇටකටු සොයාගෙන ඇති අතර එලෙස මිය ගොස් ඇත්තේ ඉහළ කුඹුගොල්ලෑව පදිංචි පනස් හතර හැවිරිදි සස්රුදීන් නසීර් නැමැති එක්දරු පියෙකු බවට පොලිසිය සැක කරනු ලබයි.

කන්න කිහිපයක් වගා නොකරන ලද තම කුඹුර බැලීමට ගොස් අවශ්‍යතාවයක් සඳහා අසල කැලෑවට ගිය අවස්ථාවේදී මෙම හිස් කබල සහ ඇටකටු තමන්ට දැක ගැනීමට ලැබුණු බව මියගිය බවට සැක කරන පුද්ගලයා ගේ බෑනා විසින් පොලීසියට පවසා තිබේ.

පසුව එම ස්ථානයෙ තිබි බුලත් මල්ලක්, පවහන් යුවලක්, කමිසයක් පොලිසිය විසින් සොයාගෙන ඇති අතර ඒවා තම මාමා විසින් පරිහරණය කරන ලද භාණ්ඩ බවට පැමිණ සිදුකළ පුද්ගලයා විසින් හඳුනාගෙන තිබේ. පොලීසිය පවසන්නේ ඊට මදක් ඔබ්බෙන් කෘමිනාශක බෝතලයක් ද තිබී සොයාගත් බව ය. 



අදහස් (0)

පුද්ගල සිරුරක අස්ථි හොරොව්පොතානේ කැලයකින් හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site