(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම නගරයේ පැවැති හජ්ජී පොළ සදහා කොරෝනා නීති පසෙක තබමින් විශාල පිරිසක් සහභාගී වී ඇතැයි වාර්තා වෙයි.  

පුත්තලම නගර සභාව සංවාධානය කරන මෙම පොළ දින තුනක් පුරා පැවැත්විණි. මෙම පොළට 20 වැනි දා රාත්‍රි සිට 21 වැනි දා අලුයම දක්වා  4000 කට අධික පිරිසක් පැමිණ ඇතැයි ද වාර්තා වෙයි.  

මෙම හජ්ජී අවුරුදු පොළ සදහා පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ කිසිදු අවසරයක් ලබා ගෙන නොතිබු බවත්  රාත්‍රි කාලයේ පොළ නොපවත්වන ලෙසට උපදෙස් ලබා දි තිබු බවත් සෞඛ්‍ය අංශ කියයි.

වෙළදසල් මිටර් 10 ක දුරින් දුරට පවත්වා ගෙන ලෙසට දැනුම් දි තිබුණද නගර සභාව ගණනකට නොගෙන තිබු බව සෞඛ අංශ පවසයි.

කෙසේ වෙතත් මෙම හජ්ජී පොළට පැමිණ සිටි බහුතරයක් කිසිදු සෞඛ්‍ය ආරක්ෂීත ක්‍රමවේදයන් භාවිතා කරන බවක් පෙනෙන්නට නොතිබුනී .

මේ වන විට පුත්තලම නගරයෙන් කොරෝනා වයිරස ආසාදිත මරණ 10 ක් ද   ආසාධිතයන් 300 කට ආසන්න පිරිසක් වාර්තා වි ඇතැයි සෞඛ්‍ය අංශ කියයි.