
(ඩයනා උදයංගනී)
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතා හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ලිපියක් එවා ඇති අතර, එරට ශ්‍රී ලංකා තානාපති යුරි මැටෙරි මහතා එය හිටපු ජනාධිපතිවරයාට අද (22) භාර දුන්නේය.
එරොෆ්ලොට් ගුවන් යානය පිළිබඳව ඇතිවූ ගැටලුව සමතයකට කිරීමේ අරමුණින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාට ඉකුත් 05 වන දින යොමු කළ ලිපියට පිළිතුරු ලෙස රුසියානු ජනාධිපතිවරයා මෙම ලිපිය යොමු කර ඇත.
හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසට පැමිණි යුරි මැටෙරි මහතා මෙම ලිපිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ ප්‍රකාශයට පත් කළේය.
ශ්‍රී ලංකාවේ තෙල් සහ පොහොර අර්බුදය පිළිබඳව ඉතා සාධනීයව සලකා බැලීමට හැකි අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ශවයේ යහපත් මැදිහත්වීමක් තවමත් දක්නට නොලැබෙන බව රුසියානු තානාපතිවරයා මෙහිදී පැවසීය.
රජය් මීට වඩා උනන්දුවෙන් සහ කැපවීමෙන් කටයුතු කරයි නම් ඒ පිළිබඳව වඩාත් සක්‍රීය දායකත්වයක් ලබා දීමට හැකි බව ඔහු සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සහ රජය සමඟ සාකච්ඡා කොට සාධනීය පිළිතුරක් දෙනු ඇතැයි රුසියානු රජය අපේක්ෂාවෙන් සිටින බවද තානාපතිවරයා හිටපු ජනාධිපතිවරයාට පැවසීය.
21 වන සංශෝධනය සහ සර්ව පාක්ෂික ආණ්ඩුවේ අපේක්ෂා කරන ව්‍යුහය මෙන්ම දෙරටේ මිත්‍රත්වය පලුදු නොවී ඉදිරියට ගෙන සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණි.
එරොෆ්ලොට් ගුවන් ගමන් නැවතත් ආරම්භ කිරීමට රුසියානු ජනාධිපතිවරයා සහ රජය අපේක්ෂා කරන එකඟතාවය ඉක්මනින් ලබාගැනීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මැදිහත් වනු ඇතැයි අපේක්ෂා කරන බව ද හෙතෙම කීය.
හිටපු ජනාධිපතිවරයා මෙහිදී පැවසුවේ ලිපියේ අන්තර්ගත කාරණා පිළිබඳව ඉතා ඉක්මනින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කොට රුසියානු රජය අපේක්ෂා කරන සාධනීය පිළිතුරක් ලබා දීමට මැදිහත් වන බවයි.
COMMENTS
මචං හිටං කියලා පටන්ගෙන ඇති...!
පුටින් මෙහෙම හිස නමන කෙනෙක් නෙමෙයි බලවත් රටවලට. අපිට කලාට. පුටින් සතුව තිබු වීදියේ බණ්ඩාර පාවිච්චි කළ කඩුවක් මෛත්‍රීට දුන්නා තෑග්ගකට...
නන්දසේන සහ පාර්ලිමේන්තුවේ ඉන්න 225ම තොලොංචිවෙලා ගිය දවසට තමයි ලංකාවට සෙතක් වෙන්නේ...
මේ මොකක්ද මේ විකාරේ..? තමන්ගේ ගේ ඇතුලේ විදෙස් තානාපති කෙනෙක් සමග මාස්ක් එකක් දාගෙන කතා කරන්නේ.... සිරිසේන කළොත් කරන්නේ විකාර වැඩක්. සිරිසේනට ෂුවර් නැහැ තමන්ට කොරෝනාද කියලා...!