IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


පීපල්ස් ලීසිං සමාගමෙන් “හරිත නැණ” වෘත්තීය ශිෂ්‍යත්ව

 දැයේ ශ්‍රම බලකාය සංවර්ධනය, වෘත්තිය මට්ටමෙන් නිවැරදිව ඇරඹීමේ ජාතික කර්තව්‍යයට උරදීමක් වශයෙන් දෙමුහුන් (Hybrid) මෝටර් රථ තාක්ෂණ ක්ෂේත්‍රය වෙත විශේෂ අවධානයක් යොමු කිරීමට පීපල්ස් ලීසිං සමාගම පසුගියදා කටයුතු කළේය.  ඒ පීපල්ස් ලීසිං ඇන්ඞ් ෆිනෑන්ස් සමාගම වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ එක්ව ‘හරිත නැණ’ වෘත්තීය ශිෂ්‍යත්ව පිරිනමමින් සුදුසුකම් ලත් තරුණ පිරිසකට සාර්ථකව සවිබල ගැන්වීමෙනි.

හඳුනාගත් ආර්ථික වශයෙන් අඩු ආදායම්ලාභි ග්‍රාමීය තරුණ තරුණියන් සඳහා මෙම පාඨමාලාවට ඇතුළත්වීමේ නිර්ණායක වූයේ NVQ 3 මට්ටම් සුදුසුකමය. මෙම වැඩසටහනේ පරමාර්ථය වූයේ ජාතියේ නිපුණ ශ්‍රම බලකාය සවිබල ගැන්වීම, ඔවුන්ගේ සේවා නියුක්තිය ඉහළ නැංවීම සහ එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක :ීෘඨි* ප්‍රගමනයට දායකවෙමින් ජාතියට අනාගත විදේශ ආදායම් ආකර්ෂණය කර ගැනීමය. ඒ අනුව නාරාහේන්පිට (කොළඹ කලාපය) සහ වේගිරිය (මහනුවර කලාපය) පිහිටි වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවලදී වෘත්තීය අධ්‍යාපන වැඩසටහන් දෙකක් පවත්වනු ලැබීය.

 ඉහළ යන ගෝලීය උෂ්ණත්වය, ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාව සහ අඩු විමෝචනය ඇතුළු ධනාත්මක පාරිසරික බලපෑම් ලබාදෙන දෙමුහුන් මෝටර් රථ සඳහා වැඩි ඉල්ලු‍මක් තිබෙන අවකාශය තුළ, දෙමුහුන් මෝටර් කාර්මික ක්ෂේත්‍රයේ පුහුණු ශ්‍රමය සඳහා සැලකිය යුතු හිඟයක් පවතී. එහෙයින් පැය 100ක් ආවරණයවන පරිදි දෙමුහුන් මෝටර් රථ තාක්ෂණය  පිළිබඳව තරුණ තරුණියන් පිරිසක් සවිබල ගැන්වීමෙන් සමාජයේ පවතින වෘත්තීය නිපුණයන්ගේ හිඟතාව සපුරාලීමද ‘හරිත නැණ’ වෘත්තීය ශිෂ්‍යත්ව වැඩසටහනේ එක් අරමුණකි. වැඩසටහන සාර්ථකව නිම කළ සියලු‍ම තරුණ තරුණියන් NVQ මට්ටම-4 සදහා සුදුසුකම් ලබනු ඇත.

ඒ අනුව අධ්‍යයන කටයුතු සිදුකරන මධ්‍යස්ථාන දෙකේම ශිෂ්‍යත්වලාභි දරුවන් සදහා පාඨමාලා අවසානයේ තමන්ගේම ව්‍යාපාරයක් ඇරඹීමට අවශ්‍ය මුලික දැනුම ලබාදීමද පීපල්ස් ලීසිං සමාගම විසින් සිදුකෙරුණි.

595



අදහස් (0)

පීපල්ස් ලීසිං සමාගමෙන් “හරිත නැණ” වෘත්තීය ශිෂ්‍යත්ව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 723 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site