
(රෝෂන් තුෂාර)
කෙටි කාලයකදී රුපියල් කෝටි ගණනක් මුදල් ඉපැයු වූයේ යැයි කියන නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සමග වසර ගණනාවක් ගනුදෙනු කර ඇති බව රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කරමින් අද (21)පැවසීය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරු දැනට කොළඹ මහාධිකරණයෙන් අධි චෝදනා ලැබ සිටින පුද්ගලයකු බවත්,රක්ෂිත බන්ධනාගාර ගත සැකකරු රුපියල් මිලියන දහයක හංසමාලීට ලබාදීම,හංසමාලී නමින් ලියාපදිංචි බි එම් ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථය ජාවාරම්කරුගේ නිවසේ දැනටත් පැවතීම සහ එම රථයට හංසමාලී විසින් රුපියල් මිලියන විස්සක ලිසින් පහසුකමක් ලබාගෙන තිබීම යන කරුණු මත හංසමාලී සම්බන්ධයෙන් සාධාරණ සැකයක් උද්ගත වී ඇති බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
පාරිභෝගිකයින් 34786 කට ක්‍රීම් වර්ග විකුණා ඇති හංසමාලි සැබැවින්ම අලෙවි කරන ලද්දේ ක්‍රීම් වර්ග ද නැතහොත් වෙනයම් දෙයක්ද යන්න සම්බන්ධයෙන් මෙම විමර්ශන සිදු කරන බව ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේය.
පියුමී හංසමාලිගේ ක්‍රීම් මිලට ගන්නා ගනුදෙනුකරුවන්ගේ ප්‍රකාශ සටහන් කර ගනිමින් ව්‍යාපාරයන්ට බාධා එල්ල කරන බවට ගොනු කළ මෝසමක් කැඳවූ අවස්ථාවේදී ස්ථානාධිපතිවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉදිරියේ මෙම මෝසෙම කැඳවීය.
2025 දෙසැම්බර් මස 30
69
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
726
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
349
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පියුමි හංසමාලි ගැන අලුත් පාරකින් විමර්ශන
රම්බොඩ Saturday, 22 March 2025 12:37 AM
විමර්ශනය කරන අය හිරේ යන සීන් එකක් ලංකාවේ තියෙන්නේ. ඒ නිසා නිලධාරීන් බයයි.
ලූට මූස් Saturday, 22 March 2025 11:08 AM
වෙන මොන පාරවල්ද, පොරෝ පාර මිසක්.!
Neel Saturday, 22 March 2025 05:57 PM
ගනුදෙනුකරුවන්ගේ ලේ පරීක්ෂණයක් කරන්න. ඩ්‍රග්ස් අරන්ද කියලා එතකොට බලාගන්න පුළුවන්...!
රුවන් Saturday, 22 March 2025 07:08 PM
ත්‍රිවීල් එකෙන් ආපු නෝනා සතියෙන් කෝටිපතිනියක් වුනේ කොහොමද?