
(සුජිත් හේවාජුලිගේ)
නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න සහ ගාල්ල ප්‍රාදේශීය වසංගත රෝග අංශ ප්‍රධානී වෙනුර කුමාර සිංහාරච්චි යන මහත්වරුන් වහාම ක්‍රියාත්මක වන පරිදි එම තනතුරුවලින් මාරු කර යවනු ලැබ ඇත.
ජීවරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයටත් සිංහාරච්චි මහතා දකුණු පළාතේ වෙනත් අංශයකටත් මෙසේ මාරු කර යවනු ලැබූ බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය.
සිද්ධිය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ නිලධාරීන් කණ්ඩායමක් මූලික විමර්ශන පැවැත්වීමෙන් පසු ඉදිරිපත් කළ නිර්දේශ අනුව මෙම ක්‍රියාමාර්ගය ගත් බව කී ජයසුමන මහතා දෙදෙනා සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක්ද ඉදිරියේදී පවත්වන බව සඳහන් කළේය.
නිරෝධාන නීති කඩකරමින් ගාල්ල ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් හොර රහසේ ලබා දෙන ලදැයි කියන මෙම සිද්ධිය වී ඇත්තේ මීට දින කිහිපයකට පෙරදීය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා පළවීමෙන් පසුව සිද්ධිය ගැන විමර්ශන පැවැත්වීමට සෞඛ්‍ය අංශ ප්‍රධානීන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසි වැටලීම් අංශයේ විමර්ශන නිලධාරීහු කණ්ඩායමක් ගාල්ල ප්‍රදේශයට පිටත්කර යවනු ලැබූහ .
එම කණ්ඩායම ගාල්ල ප්‍රදේශයේ රැඳී සිටිමින් ඊයේ වන තුරුද පරීක්ෂණ සිදු කළේය.
මේ අතර නිරෝධායන නීති කඩකරමින් ගාලු ප්‍රදේශයට ගිය බස්නාහිර පළාතේ පිරිසකට අස්ට්‍රාසෙනිකා එන්නත් ලබා දෙන ලදැයි කියන සිද්ධියට වගකිවයුතු සියලු නිලධාරීන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ඖෂධ නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (8) ප්‍රකාශ කළේය.
COMMENTS
ගම්මට්ටමින් සිදුකෙරන එන්නතකරණ වැඩසටහන්වලදී ඒ ආසන්න ප්‍රදේශවල සිටින මාධ්‍යයවේදීන්ටත් එන්නත ලබාදීමට කටයුතු කරන්න.
මට තියෙන ප්‍රශ්නේ කෝමද ගියෙ කියන එක
සිරිසේන වගේනේ මෙයාලත් පත්තරෙන් බලලා දැනගෙන තමයි දඬුවම් දෙන්නේ. සිරිසේන දෙවැනි කොටසද?
ඔයිට වඩා හොඳයි එන්නත් ටික අරගෙන පිටිපස්සට ගහගත්තා නම්... ලැජ්ජාවක් නැහැ...!!!
පළාත් සංචරණ නීති කඩ කරමින් ගිය පිරිස නිරෝධායනයට ලක්කරන්නේ නැත්තේ ඔවුන් ලොකු මිනිස්සු නිසාද? සංචරණ නීති කඩකරමින් අපිටත් එන්නත් ගහන්න යන්න පුළුවන්ද?
වුවමනා වැඩේ කරගත්තාට පස්සේ මාරු කරත් මොකද?. උසස් වීමකුත් දීලාද දන්නෑ මාරු කරේ...?
ගමටම නෙවෙයි නේද මාරුව දෙන්න ඇත්තේ
බුදු අම්මෝ, ඔය තරමින් ගියා ඇති. අපි හිතුවේ එල්ලුම් ගස් යවාවිය කියලා.. නියමයිනේ දැන් හිටියට වඩා හෙිඳට ඉඳීවි. සාමාන්‍ය කම්කරුවෙක් ඔය ඉන්ජෙක්ෂන් එකක් අරගෙන එළියට ගියානම් අද බලන්න තිබුණා තත්වය. මේක තමයි ඒ සිරි ලන්තය...
කව්රුන් කෙසේ කීවද,මේ දේ සෞඛ්‍ය අංශ වල අයට පමණක් කරන්නට නම් බැහැ.එසේ නම් මේ තරම් වාහන රැසක් නිරෝධායන නීති තිබියදී කොළඹ සිට ආවේ කෙසේද ? අනිවාර්යයෙන්ම,මේ වැඩේට දේශපාලකයන් සම්බන්ධමයි.ආයේ ඒකේ කිසිම සැකයක් නැහැ.වැඩේ මේ ලෙස වැරදුණාම හානියක් නැති අවම දඬුවමක් දුන්නා.මේ වගේ මොළ ලෝකේ කොහේවත් නැහැ.ඒ වගේම මේ වැඩේට කොළඹ ඉඳන් පියඹා ආව රූප පෙට්ටි උකුස්සාව ඒ සතාගේ අයිතිකාරයා මෙහෙයවනවා වෙන්නට බැරිද ?ඒ සතාගේ අයිතිකාරයා මොනවාගේ පසුබිමක් තියෙනා කෙනෙක්ද කියන එක අප කිසිකෙනෙක් නිකමටවත් සිතුවේ නැහැ නේද ? මේ වැඩ, පවතින බලවත් ප්‍රශ්න ජනතා අවධානයෙන් මුදවන්න කරනා ඒවා විය නොහැකිද ? අපේ මිනිසුන්ටත් දැන් සියලු දේ අමතකයි. දැන් අපේ අයගේ ඔලුවේ තියෙන්නේ,මේ එන්නත් වැඩේ හා පියුමිගේ වැඩේ.වැදගත් සියලු දේම බොහෝ අයට අමතකයි.
මේවා දකිනකොට හිතෙනවා ලංකාව චීන කොළණියක් වෙන එක හොඳයි කියලා.. මොකද ඔය වගේ නිලදධාරීන්ට වෙඩිතියනවා.
රටේ හැමටම සම අයිතිවාසිකම් තියෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එය තහවුරු කර තිබියදී ඇතැම් අය පාරෙන් පිට ගොස් රටේ දුක්විඳින හැකියාවක් නොමැති අයගේ අයිතීන් උදුරා ගැනීම කෙලෙසද සාධාරණය කරන්නේ..? තමන් අදහන ආගමට එකඟයිද? තමන්ගේ ළමුන්ට දෙන ආදර්ශය කුමක්ද? එසේ වින්දිත ජනයා තම අසරණ කම ලබා උපන් හැටියට සලකා සිත සනසා ගැනීම ගැන ඔබගේ හෘදසාක්ෂිය කුමක්ද පවසන්නේ...?
ඇයි මේ ගොල්ලන්ව මාරු කරලා මාරුවෙන්නේ.? රටේ නීතියට අනුව දඬුවම් දෙන්නේ සාමාන්‍ය ජනතාවට විතරයිද..?
බලන් ගියාම සිරිසේන මීට වඩා හොඳයිනේ...
කවුද වැක්සීන් ගත්තේ?
මේ හොර වැඩ කරන්නේ.. කොයි පාට අය කියලද කියා කියන්න අපි නොදනිමු. නමුත් තනතුරු දරන් ඔක්කොම හොරු බවයි මගේ වැටහීම.. මොවුන්ගෙන් වැඩි හරියක් ආණ්ඩුවේ වැඩ කඩාකප්පල් කරන්න වැඩකරන නිඝණ්ඨයෝ...
පිට පළාත්වලින් එන්න කිව්ව කෙනා කවුද කියලා බලන්නේ නෑ. කවුරුහරි නිලධාරියෙක් පිටින් යවලා ශේප් වෙනවා.
ජීවරත්න මහත්තයාට කොළඹට මාරුවීමක් අවශ්‍ය වෙලයි තිබිලා තියෙන්නේ... දඬුවම් මාරුවක් නම් දුෂ්කර පළාතකට දෙන්න එපැයි.
මෙතන කවුරු හරි තියෙන අණ්ඩුවට විරුද්ධව මොනවා හරි දාපුවාම කැමැත්ත වැඩි ගතියක් තියෙනවා. නමුත් කල්පනා කරලා බලන්න. ඔය වැරැදි කරන්නේත් මේ රටේම පුරවැසියන් තමයි. මේකේ අකුරු කෙටුවා කියලා රට හදන්න බැරි එ්කයි. දැන් මේ ක්‍රමයට ආණ්ඩු දෙකක්ම පත් කළා. නමුත් සමහර ප්‍රශ්න එහෙම්මයි. එ්කෙන්ම පේනවා.. මෙවන් මාධ්‍ය භාවිතයෙන් වෙන්නේ හුදු අශ්වාදයක් ලබා ගැනීම සහ අනවශ්‍ය සමාජ පිඩනයක් ඔලුව තුළ හදා ගැනිම පමණයි. පුරවැසි යුතුකම කතා කිරිමට කාලය පැමිණ ඇත...
හැම දේකටම දේශපාලකයින්ටම වැරදි කියලා බැහැ. මේ යන දේවල්වල හැටියට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලන නිලධාරින්ගේ පරිපාලන හැකියාව පිළිබඳව ප්‍රශ්න මතුවෙනවා. නියම පරිපාලන සහ කළමාණාකරණ හැකියාවක්, සැළසුමක් ඔවුන්ට සකස් කිරීමට නොහැකියාවක් ඇති බව පේනවා. දක්ෂ පරිපාලන නිලධාරි හිඟයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති බව පේනවා. වෛද්‍යවරයක් වූ පළියට දක්ෂ පරිපාලකයෙක් වෙන්න බැහැ.
මේ අය යන්නේ තමන්ට රැකියාවට යාමට ලබාදී ඇති අත්‍යාවශ්‍ය සේවා ලිපිය අවභාවිතා කරලා. මම වැඩ කරන්නේ විදුලි බල මණ්ඩලයේ ගම්පහ... අපේ කාර්යාලයටත් ඕනෑතරම් සෙනග එනවා ඒ වගේ... වැඩි දෙනා දොස්තර මහත්තුරු. අපේ නිලධාරිනුත් සංචරණ සීමා සත පහකට ගණන් ගන්නේ නෑ. එන එන අයව කොච්චර සුලු දෙයක් වුණත් අදාල අංශයට යොමුකරලා ඒ ගොල්ලන් වීදුරු කාමර වලට වෙලා ඉන්නවා. සංචරන නීති උල්ලංඝණය කරන්න අනුබල දීමක් ඒක. හැබැයි ඒ දේවල් වැඩිපුරම කරන්නේ හොඳට ඉගෙනගත්ත දොස්තරලයි ඉංජිනේරුවොයිම තමයි...
ඕනෑම වැරදි වැඩකට ලංකාවේ දෙන උපරිම දඬුවම මාරු කිරීම... මේ අනුව තමන්ට මාරුවක් ඕනෑ නම් වැරදි දෙයක් කළාම හරි...
ඔය ගිය වාහන වල නොම්මරේට අනුව RMV එකෙන් විස්තර අරන් ඒ අයත් නිරෝධායනයට යොමු නොකරන්නේ මොකද? කට්ටිය ගත්තොත් ඔක්කොමලාගේ රෙදි ගැලවෙන නිසාද?
වැක්සීන් එක ගත්තු අයගෙන් අහන්න තියෙන්නේ ‘ඔබට සතුටුයිද දැන්’ කියලයි. ලංකාවේ සමහර ඇත්තෝ හොර පාරවල්වලින් වැඩේ කරගන්න අති දක්ෂයෝ නොවැ...
සාධාරණ ලෙස එන්නත් හිමි විය යුතු අයට ඒවා අහිමිවීමේ පාඩුව හදන්න පුළුවන්ද? මේ සෞඛ්‍ය බලධාරීන්ගේ, එන්නත් කොමිටියේ, කෝවිඩ් කොමිටියේ බළධාරීන්ගේ වරද නොවේද? මේවා මොන්ටිසෝරි වැඩ නොවේද?
පාදෙණිය ස්ට්‍රයික් කරයි බලාගෙන.
සංචරණසීමා කඩා එන්නත් ගනන ගියේ ඉස්සර