IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරු-බිරිය අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි, ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ටී.කේ.ජී. කපිල)

ඉන්දියාවේ සැගව සිටියදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරුවකු සහ ඔහුගේ බිරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද (16) අලුයම කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගනු ලැබූහ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 15,  ජම්පටාවීදිය ප්‍ර දේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයකු සහ 25 හැවිරිදි සැකකරුගේ බිරිය බව පොලිසිය පවසයි.

මෙරට පොලිසිය විසින් ඉන්දියානු රජයෙන් කළ ඉල්ලීමකට අනුව සැකකරු මෙරටට පිටුවහල් කර ඇත.

සැකකරු 2022 අප්‍රේල් මාසයේ දිනෙක වෙරළබඩ පොලිස් වසමේදී පුද්ගලයකුට වෙඩි තැබීමට තැත් කිරීම සම්බන්ධයෙන් අධිකරණයේ විවෘත වරෙන්තු නිකුත් කර ඇති බව පොලිසිය පවසයි.

එමෙන්ම සැකකරු 2017 වසරේදී කොටහේන ප්‍ර දේශයේදී අවස්ථා කීපයකදී ගංජා සහ හෙරොයින් සන්තකයේ තබාගැනීම, 2018 වර්ෂයේදී රිවෝල්වර් වර්ගයේ ගිනි අවියක් සමග කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මීට අමතරව මෙම සැකකරු මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩා කිරීමට ඇබ්බැහිවූ පුද්ගලයකු බවද පොලිසිය කියයි.

 

 



අදහස් (2)

පිටුවහල් කළ සංවිධානාත්මක අපරාධකරු-බිරිය අත්අඩංගුවට

රම්බොඩ Sunday, 16 February 2025 12:04 PM

උසාවි දාලා නිදහස් කරමු අනේ...!

:       2       4

KuleSunday, 16 February 2025 04:55 PM

හාල් මැස්සෙක්... ලොකු ප්‍රචාරක...

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 151 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 770 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site