
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාවෙන් බැහැරට ගෙන ගොස් තිබෙන වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපති ආචාර්ය සිරි වෝල්ට් (Siri Walt) මහත්මිය පැවසුවාය.
මෙරට වත්කම් නැවත අත්පත් කර ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ස්විට්සර්ලන්ත තානාපතිනිය මෙහිදී මග පෙන්වීමක් සිදු කළ අතර, ඒ සඳහා මූලික පහසුකම් සැපයීමට අවශ්‍ය නම් ඕනෑම අවස්ථාවක සහාය ලබා දීමටද එකඟ වුවාය.
ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හා ස්විට්සර්ලන්ත තානාපති සිරි වොල්ට් මහත්මිය ජනාධිපති කාර්යාලයේ අද (24) හමු වූ අවස්ථාවේ දී ඇය මේ බව සඳහන් කළාය.
ශ්‍රී ලංකා රජය ගෙන යන දූෂණ විරෝධී වැඩපිළිවෙළ සඳහා ස්විට්සර්ලන්තයේ අත්දැකීම් සහ තාක්ෂණික දැනුම ලබා දීමටද මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කෙරිණි.
රජයේ ප්‍රමුඛ වැඩසටහන් සඳහා ස්විට්සර්ලන්ත රජයේ තාක්ෂණික සහ අවශ්‍ය අනෙකුත් සහාය ලබා දීමටත්, “Clean Sri Lanka“ වැඩපිළිවෙළට ලබා දිය හැකි සහාය පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.

COMMENTS
අපේ ඈයෝ කරපුවා එච්චර පහසුවට අහු වෙයිද හිතන්න අමාරුයි. රොකට් එහෙමත් යවපු අයනේ.
එතකොට වඩා ආරක්ෂිතයි කියන ස්විස් බැංකු ගිණුම්වල තොරතුරු හෙලිකර අයථා තැන්පතු වත්කම් රටට ආපසු ලබා දෙනවාද ?
අසව්, අසව්... මෙන්න දායක සභාවට චූන් වෙන්න තවත් අවස්ථාවක්. ඉක්මණට චූන් වෙන්න හොඳේ... මේවාට වැඩි ආයුෂ නෑ.
මාධ්‍ය සන්දර්ශන මේ පච රෑලගේ… හරියට රටේ ප්‍රශ්න ඔක්කෝටම විසඳුම් දීලා වගේ…
කොටි කොතැනද, ස්විස්ටර්ලන්තේ එතැන. ගානියා බැරිස්ටර් සනීපෙන් ඉන්නවාද? සුපිරි නාඩගම්කාරයෝ සෙට් එකක් තමයි.
මේ බැරිද රාජපක්ශලාගේ ගිණුම් වලින් අහු වුණා කියලා ඩොලර් බිලියන 19ක් ලංකාවට දෙන්න. එහෙම කරොත් තමයි ඉතින්. නැත්තන් නිකන් ඩොලර් 100, 200 දීලා නම් ශේප් වෙන්න හිතන්න එපා හොඳේ. ඔයාලා සෑහෙන්න නාඩගම් නටලා ගෙනාපු මාලිමා ආන්ඩුව සෑහෙන්න කාලයක් තියාගන්න පුළුවන්..
ස්විස් බැංකුවල හොරකම් කරපුවා තැන්පත් කරලා ඇතියි කියන සැකෙන් වෙන්න ඇති තානාපතිනිව ගෙන්නලා අහන්න ඇත්තේ. ඉස්සෙල්ලා හොරකම් කලේ කොහෙන්ද, කවුද කියන එක මෙහේදීම හොයන්නකෝ...! ඒක ඊට වඩා ලේසියිනේ...
ඔව්, ඒවා සේරම ගෙනාවා. ගෙනැල්ලා මෙහෙ බැංකුවල දානවා. දැන් සැපද?
මෙන්න තවත් කයියනායක ව්‍යාපෘතියක්
ඉතා හොඳ දෙයක් කරන්න පුළුවන් වුණොත්...
මොන පචද අනේ? ඕන්න අපි විශ්වාස කළා හොඳේ...!
ඇයි උගන්ඩා කුමාරිගේ සහාය එපාද?
ඉඳුල් කාපු අය තමන්ගේ හාම්පුතුන්ගේ දේවල් හෙලිවෙනවාට ඇති බිය මේ කමෙන්ට් වලින් පේනවා... අවංක, රටට ආදරේ නම් මෙහෙම කුණු කතා කියන්නේ නැහැ... රටට යහපතක් වෙනවාට අකමැති අය.