
(රංජන් කස්තුරි)
විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබාදී ඇත්තේ විදේශ ගමන් බලපත්‍ර 52000 ක් පමණකැයි ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය චෝදනා කරයි.
නැවත කොපමණ ප්‍රමාණයක් කෙදිනක විදේශ ගමන් බලපත්‍ර සප යන්නේද යන්න පිළිබඳව එම සමාගම ආගමන විගමන දෙපාර්තමේන්තුවට නිශ්චිත තොරතුරු ලබාදී නැතැයිද එම සංගමය සඳහන් කරයි.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ඉහළ බලධාරීන් ටෙන්ඩර් ප්‍රදානය කළ සමාගමේ ශක්‍යතාවය පිළිබඳව අවධානය යොමු නොකිරීම හේතුවෙන් මෙම අර්බුදය හටගෙන තිබෙන බවද එම සංගමය සඳහන් කරයි.
විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම හා ඒ සම්බන්ධයෙන් ව ර් තමානයේ පවතින සත්‍ය තත්වය දෙපාර්තමේන්තුවේ බලධාරීන් විසින් විෂය භාර අමාත්‍යවරයාට අනාවරණය නොකිරීම කණගාටුදායක බවද ආගමන විගමන නිලධාරීන්ගේ සංගමය කියයි.
වර්තමානයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා පවතින ගැටලුවට ආගමන විගමන දෙපා ර්තමේන්තුවේ ඉහළ බලධාරීන් වගකිවයුතු බවද එම සංගමය සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන් එකඑක කතා කිය කියා බෝල ගහනවා... අපි පෝලිම්වල දවස් ගණන් රස්තියාදු වෙනවා. ප්‍රශ්නේ විසඳන්න කවුරුවත් නැහැ.
කෙටිම විසඳුම, කල් ඉකුත් වු බලපත්‍ර තව වසර 2 කට හෝ 5කට දිගු කරන්න. නමුත් රජයේ නිලධාරින් ඒක කරන්න දෙන්නේ නැහැ. මොකද එවිට බලපත්‍ර සඳහා ඇති ඉල්ලුම අඩු වෙනවා, වැඩි මිලට අලුත් බලපත්‍ර විශාල ප්‍රමාණයක් ගැනීමෙන් ලැබෙන කොමිස් නැති වෙනවා. මේ අර්බුදය හුදෙක් නිලධාරින් ඇති කරන ලද්දක්. දේශපාලකයින් විසින් නොව...!
කඩවුණු පොරොන්දුව 2..!
හිරේ දැම්මා නම් හොඳයි.
එතකොට මේ විජිත හේරත් ඇමැතිතුමා කියන්නේ මේ මාසේ පාස්පෝර්ට් 150000ක් ලැබෙනවා කියලා, වුර්තිය සමිතියද හරි? ඇමැතිද හරි...?
දැන් ඉන්න සහකාර පාලක තාම හිරේ ඉන්න හිටපු එකේ... හිටපු ඇමැති ටික එකතු වෙලා ඔක්කොම කලේ... සීයාත් වග කියන්න ඕනෑ..!
අපිට ඔය කතා ඵලක් නෑ. මහජනතාවට අවශ්‍ය ඉස්සර තිබුණු විදියට හෝ ඊට වඩා පහසුවෙන් ගමන් බලපත්‍ර ලබාදීමට පියවර ගැනීම. ඒ බැරිකම තමන්ගේ ප්‍රශ්න හෝ නොහැකියාව මිස මහජනතාවගේ වරදක් නොවේ.
මේ ප්‍රශ්න ඇතිවෙන තීන්දු තීරණ ගත්තු කාලේ හිටපු ඇමැතිට විරුද්ධව කිසිම චෝදනාවක් නැද්ද? අවශ්‍ය පමණට පාස්පෝට් ටික ඇනවුම් නොකර මේ ගොල්ලන් අලුත් වීසා ක්‍රම හදන්න කටයුතු, කරලා, අලුත් පාස්පෝර්ට් නිර්මාණය කරන්න ගිහින්, ඔක්කොම අවුල් වෙලා තියෙන්නේ කොමිස් ගහන්න ගිය නිසා කියලා පෙනෙනවා..!
සාමාන්‍ය පාස්පෝට් නිකුත් කරලා ප්‍රශ්නය විසඳන්න ඉක්මණින්ම ... කාලය නාස්ති කරන්න එපා...