IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


පාස්පෝට් ගන්න නැවතත් දිනයක් - වේලාවක්

(යොහාන් භාසුර)

විදේශ ගමන් බලපත්‍රය ගැනීම සඳහා දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීමේ මාර්ගගත ක්‍රමය නැවත ආරම්භ කර අනිද්දා (6) සිට ක්‍රියාත්මක වන බවත් එම ක්‍රමය තුළින් ලබන දෙසැම්බර් මස මුල දින සිට ලබාගත හැකි බවත් වැඩබලන ආගමන විගමන පාලක නිලූෂා බාලසූරිය මහත්මිය අද (4) පැවසුවාය.

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ වම් පස ඇති දිනයක් වෙන්කිරීමේ සබැදියාවට පිවිස එහි පද්ධතියට ඇතුළු වී ජාතික හැදුනුම්පත් අංකය යොදා දිනයක් සහ වේලාවක් වෙන්කරගත හැකි බව ද බාලසූරිය මහත්මිය සඳහන් කළාය.

විදේශ ගමන් බලපත්‍රය හදිසි පුද්ගලයෙක් වුවද මෙම ක්‍රමයට දිනයක් සහ වේලාවක් වෙන්කරගෙන බත්තරමුල්ලට පැමිණ අදාල ලියවිලි ඉදිරිපත් කළ යුතු බවත් විදෙශ ගමන් බලපත්‍රය හදිසි පුද්ගලයන්ගේ ප්‍රමුඛතාව පරීක්‍ෂා කිරීම සඳහා කමිටුවක් පත්කර ඇති බවත් ඇය කීවාය.

මෙම මාසයට අදාල ඉදිරි දින මේ වන විටත් ජනතාවට දී ඇති බව කී නිලූෂා බාලසූරිය මහත්මිය විදේශ ගමන් බලපත්‍ර ගැනීමට ඇති දිගු පෝලිම නැති කිරීමට මෙම ක්‍රමය නැවත හදුන්වාදුන් බව ද සඳහන් කළාය.

මෙම ක්‍රමයට යටතේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය සහ සෙසු ප්‍රාදේශීය කාර්යාලවලින් දිනකට එක්දින සේවයෙන් විදේශ ගමන් බලපත්‍ර 1,200 ක් නිකුත් කරන බව කී ඇය 1919 (රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය) සහ 1962 (ආගමන විගමන දෙපාර්තමේන්තු) යන ක්‍ෂණික දුරකථනවලට ඇමතීමෙන් වැඩිදුර තොරතුරු විමසිය හැකි බව ද පැවසුවාය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව සතුව මේ වන විට හිස් විදේශ ගමන් බලපත්‍ර පොත් 33,000 ක් පමණ ඇති බවත් තවත් පොත් 750,000 ක් මේ මස අග වන විට ලැබීමට නියමිත බවත් ඇය කීවාය.

ආගමන විගමන දෙපාර්තමේන්තුව තුළ පසුගිය කාලයේ සිදුවූ කටයුතු පිළිබඳව වෝහාරික විගණනයක් මේ වන විට ක්‍රියාත්මක වන බවත් එහි ප්‍රතිඵලය අනුව ආගමන විගනම දෙපාර්තමේන්තුව වර්තමානයේ ඇඳවැටී ඇති තත්වයට වගකිවයුත්තන් හදුනාගත හැකි බවත් වැඩබලන ආගමන විගමන පාලක නිලූෂා බාලසූරිය මහත්මිය වැඩි දුරටත් පැවසුවාය.

නිලූෂා බාලසූරිය මහත්මිය මෙහිදී ඇතැම් කරුණු ප්‍රකාශ කිරීමට නොහැකි යැයි පැවසීමත් සමඟ ඇයට මාධ්‍යවේදීන්ගෙන් විරෝධය එල්ල වූහ. මාධ්‍යවේදීන්ගේ දැඩි විරෝධය හමුවේ පිළිතුරු නොමැතිව සිටි ඇය අසම්පූර්ණ කරුණු මාධ්‍ය වෙත පැවසුවාය.

ඇය ඉන් පසුව එම මාධ්‍ය හමුව විදේශ ගමන් බලපත්‍ර ගැනීමට දිනයක් සහ වේලාවක් වෙන්කිරීම සම්න්ධයෙන් පමණක් දැනුවත් කිරීමට සංවිධානය කළ එක්ක යැයි පවසමින් මාධ්‍ය හමුව අවසන් කළාය.

(ඡායාරූපය: ජයමාල් චන්ද්‍රසිරි)  



අදහස් (5)

පාස්පෝට් ගන්න නැවතත් දිනයක් - වේලාවක්

don Monday, 04 November 2024 07:48 PM

ඊ මේල් ලිපිනයක් නැති අයට මොකද වෙන්නේ? මගේ හැඳුනුම්පතේ අකුරු පේන්නේ නෑ. රියදුරු බලපත වලංගු නැද්ද හැඳුනුම්පත වෙනුවට... අන්තර්ජාල සම්බන්ධතා නැති දුරකථන තියන අයට මොකද වෙන්නේ...? අනේ මන්දා ඔක්කොම අංජබජල්...!

:       0       0

අරවින්ද මොනරවිල Monday, 04 November 2024 09:24 PM

අනිවාර්යයෙන්ම, මිනිස්සු පාරේ රස්තියාදු නොකර පිළිවෙලකට වැඩේ කරන්න. ඉතුරු පාස්පෝට් ටිකත් ලැබෙන තුරු....

:       0       0

Lalla Tuesday, 05 November 2024 07:53 AM

දෙපාර්තමේන්තුවේ අති දූෂිත පරිගණක අංශය හරහා සිදුකරන කිසිම ක්‍රියාවක් සාධාරණ නෑ. අනික ඔවුන් යැපෙන්නේ සේවා සපයන සමාගම්වල සේවකයින් මත. කිසිම දෙයක් තනිව කල නොහැකිය..

:       4       2

ගුණරත්න Tuesday, 05 November 2024 10:47 AM

එක හොඳයි, හොඳ දෙයක්. ඒ පොරොත්තු ලේඛන අංකය සමඟ මිනිස්සුන්ට චෙක් ලිස්ට් එකක් දෙන්න මේ අවශ්‍යතා සම්පූර්ණ කරගෙනම කාර්යාලයට එන්න කියලා, එතකොට මිනිස්සු රස්තියාදු වෙන එක තව අඩු වේවි.

:       0       0

අමල් Tuesday, 05 November 2024 12:55 PM

දෙසැම්බර් වෙනකම් පාස්පෝර්ට් කන්තෝරුවේ ටෝකන් ඉවරවෙලා ! හදිස්සියක් නැත්නම් පාස්පෝර්ට් දෙන එක තහනම් ! මේ විදිහට ගියොත් ගං වතුර කාලෙට, මුන්ගේ වැසිකිලි කටවල් උතුරනවා කියලා, ටොයිලට් යන එකත් තහනම් කරයි !

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 43 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 150 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1004 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site