(මනෝප්‍රිය ගුණසේකර)
කතෝලික දේවස්ථාන හා තරුපහේ හෝටල් ඉලක්ක කරගෙන එල්ල කරන ලද මරාගන්න මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවකින් පුද්ගලයින් 300කට අධික පිරිසක් මරා දමා තවත් තුන්සියයකට අධික පිරිසකට බරපතළ තුවාල කළ බවට චෝදනා ලැබ සිටින මවුලවිවරුන් ඇතුළු විත්තිකරුවන් විසි පස් දෙදෙනකුට ලබන ඔක්තෝබර් 4 වෙනිදා වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද 13 සිතාසි නිකුත් කළේය.
නීතිපතිවරයා විසින් ගොනු කරන ලද මෙම නඩුව සලකා බැලූ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුට එරෙහි අධි චෝදනා පත්‍ර භාර දීම සඳහා ඔවුන්ට අධිකරණය හමුවේ පෙනී පෙනී සිටින ලෙස නියම කරමින් මෙලෙස සිතාසි නිකුත් කළේය.
මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා විසින් පත්කරන ලද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ( සභාපති ) අමල් රණරාජා සහ නවරත්න මාරසිංහ යන මහාධිකරණ විනිසුරුවරුන් ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී එලෙස සිතාසි නිකුත් කළේය.
සමාජයේ මහත් ආන්දෝලනයක් ඇති කළ සිද්ධියක් වූ මෙයට අදාලව ගොනු කළ ගොනුකළ චෝදනා 23,270 කින් යුත් නඩුව විභාග කිරීම සඳහා ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලෙස නීතිපති සංජය රාජරත්නම් මහතා අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගෙන් කළ ඉල්ලීමක් පිළිගනිමින් මෙම ත්‍රි පුද්ගල ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කළේය.
COMMENTS
මාස 28 කට පස්සෙ වෙච්ච් විපර්යාසේ? අවසානයේ මේකත් බොරු මවාපෑමක් වේවිද කවුද දන්නෙ ?
අවුරුදු දෙකකටත් වැඩි කාලයක් ගියා. ආරක්ෂාවට වගකියන නායකයෙක් කියලා බලයට ආවට කරපු දෙයක් නැහැ. ජනතාව රවට්ටපු එක විතරයි කෙරුවේ.ආයෙමත් බොරු රඟපෑමක් කරන්ඩ වගේ හදන්නේ?
නාඩගම් කාරයෝ ඊළඟ කොටස එලි දැක්වීමට සූදානම් ඉතාලියේන් ලැබුණ ප්‍රතිචාර නිසා නැවතත් තිරගත කිරීමට සූදානම්
ජාත්‍යන්තරයට යන්න ළඟින් රඟපෑමක්...
මේක විනෝදාංශයක් කරගෙන වගේ..!!!
අප කවදත් නීතිය ගරුකරන, අධිකරණයට හිසනමන, නීතිගරුක පුරවැසියන්... ඒත්, මේ රටේ විධායකය විසින් රටේ නීතියට බලපෑමක් එල්ල නොවේ නම්, ඉතා අගනේය. එහෙත් එය දෙවියෝ දනියි. අප නොදනී. මිනීමරුවන් බේරාගැනීමට අධිකරණ බලය හා තීන්දු තීරණ තඹයකට මායිම් නොකළ අය, මෙවන් දේට කුමන ආකාරයේ සහයෝගයක් දේදැයි සිතීම පවා අසීරුයි. සිද්ධියට නිසි දඬුවම් නොදුන් හිටපු ජනපති, ආරක්ෂක අංශ භාර හා හිටපු සේනාධිනායක තෙමේ, දැනටත් පාර්ලිමේන්තු වරප්‍රසාද වලින් සුවිශේෂී ආරක්ෂාවක් ලබයි. එමෙන්ම, ඔහු තවමත් ආණ්ඩු පක්ෂයේ හවුල්කාරයෙකි. මෙවන් වාතාවරණයක් යටතේ කුමක් සිදුවේදැයි අපි දැඩි විමසිල්ලෙන් බලා සිටිමු...
විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිඥයින් සහ ඔවුන්ට ගෙවන්නේ කවුද කියලා විපරම් කලොත් කෑගහන අයට යම් අදහසක් ගන්න පුළුවන් වෙයි..
ඕක හරියට අර පාකිස්තානයේ අගමැති පිනවන්න මුස්ලිම් මළ සිරුරු වළලන්න එක රැයෙන් අවසර දුන්නා වගේ...
මේ ආණ්ඩුවට කවුරු හරි ආයෙත් ඡන්දය දෙනවා නම් ඒ මනුස්සයෙක් වෙන්න බැහැ.. ඊටත් එහා ගිය එකෙක් වෙන්න ඕනේ...!!!
ප්‍රහාරයේ සියලු තොරතුරු ලැබී ඇති මොහොතක, හිටපු, ජනාධිපති මෙන්ම මේ රටේ හිටපු ආරක්ෂක ඇමැති මේ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සඳහා ඔහුට සිතාසි යවා තිබේද? එසේ, නොමැති නම් අපට අවබෝධ වන කාරණය වන්නේ, මේ ප්‍රහාරයේ මහා මොලකරුවන් සහ මේ පුද්ගලයා අතර සමීප සම්බන්ධතාවයක් තිබුණු බවයි. " සොනික් සොනික්" යන අන්වර්ත නාමයෙන් සිටින බුද්ධි අංශ නිලධාරියා කවුද? සිතාසිය කෙසේ වෙතත්, මේ ආත්මෙදී මෙන්ම උපදින හැම භවයකම මොවුන්ට හා මොවුන්ගේ පරම්පරාවටම ශාප වේවා...!!!
මහ මොළකරුවන් නිදැල්ලේ... නිකන් වැඩකට නැති හාල් මැස්සෝ කූඩුවේ... කාවද රවටන්නේ...?
තවත් නාඩගමක් එසේ නිමාවට පත් විය.
ඉතාලියෙදි ලැබුන හූ හඩ....බලමු මේකත් නාටකයක්ද කියලා
මේ තාක් කල මිනී මැරුම්, කොල්ලකෑම්, ආදි ඇතුළු රටේ අගාධයම උදෙසා කල සියළු නොපනත් කම් කල, මෙතුවක් නීතියෙන් බේරී සිටින සියල්ලන් හටම, ඡාති ආගම්, පක්ෂ භේදයකින් තොරව, සොබා දහමින් නිසි දඞුවම් ලැබෙන්න ඕන කියල තමයි පතන් ඕන..
මේක ඉක්මනින් ඉවර වෙනවානම් හොඳයි.
නව ඩ්‍රාමා එකක් පටන්ගැන්ම.
එතකොට මේ අය තවම එළියෙද ඉන්නේ? දැන් ඉතින් කබ්රාල්ට නිදහසේ මහබැංකු අධිපති වෙන්න පුළුවන්.
මේකත් අර ඉතාලි කලු කොඩි විරෝධයට දාන තිරෙන් එහා ජවනිකාවක් මිසක් පාස්කු ප්‍රහාරයෙන් අගතියට පත් පුද්ගලයින් වෙනුවෙන් අවංකව කරන දෙයක් නොවන බව ඕනෑම මෝඩයෙකුට තේරෙන දෙයක්.. කොහොම නමුත් ලාංකික මිනිස්සුන්ව නැවතත් මේ ආණ්ඩුව බලයට ගේනවා නම්.. ඔලු ගොඩවල් හෝදලා මොල ගොඩවල් වලට ගොම එක් කළ යුතුයි.
ඇයි හිටපු නීතිපති ගෙන්වන්නේ නැත්තේ?