(ඒ.ජි.වික්‍රමසිංහ)
පාසල් යමින් සිටි 12 හැවිරිදි දැරියකගේ ගෙලේ තිබූ ටයිපටියෙන් අත්දෙක ගැට ගසා පැහැරගෙන යාම තැත් කරද්දී අසල වත්තක වැඩ කරමින් සිටි කාන්තාවක පැන එම දැරිය බේරාගෙන ඇතැයි රත්නපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශය කියයි.
රත්නපුර පාසලක හතර වසරේ ඉගෙනු ම ලබන මෙම දැරිය අද පෙරවරුවේ නිවසේ සිට ගමන් කරමින් සිටියදී ලඳු කැලෑවක සැඟව සිටි මුහුණු ආවරණය කරගත් පුද්ගලයකු ඇය පළඳ සිටි ටයි පටියෙන් දෑත් පිටුපසට ගැට ගසා පැහැර ගැනීමට තැත් කිරීමේදි ඇගේ කෑ ගැසීම නිසා අසල වත්තක රබර් කපමින් සිටි කාන්තාවක පැමිණීම නිසා සැකකරු පැන ගොස් ඇත.
COMMENTS
අපරාධය කරන්නට තැත්කළ පුද්ගලයා ඉක්මණින්ම අත්අඩංගුවට ගැනීමට තරම් අපේ පොලිස් නිලධාරින් දක්ෂ වග දනිමු. උසාවි දාපු ගමන් පුස්ස බින්ඳා මෙන් වනුු ඇත. ඉතින් අපරාධකරුවන් කිසිදාක පාඩමක් ඉගෙනගෙන නිවැරැදි වන්නේ නැත...
අපිට මෙයාව අල්ලගන්න ලැබුණොත් අත්දෙක කපලා ගඟට විසිකරලා දානවා..!