
(නිමල කොඩිතුවක්කු)
පාසල තුළ ගුරුවන්ගේ අනුදැනුම මත දෙමව්පියන් හෝ වෙනත් කණ්ඩායමක් මුදල් එකතු කිරීම නිසා යම් දරුවෙකු අපහසුතාවයට පතව සිටී නම් එම දරුවා වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යංශය මැදිහත් වන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කොළඹ දී පැවසීය.
පසුගිය රජයන්වලදී පාසල්වල මුදල් එකතු කිරීම නීත්‍යානුකූල වුවත් වත්මන් රජය යටතේ පාසල්වල මුදල් එකතු කිරීම සඳහා නිල අනුමැතියක් ලබාදී නොමැති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී පාසල්වලින් මුදල් අයකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ විමසිමක දී අමාත්‍යවරයා මේ බව පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල්වල මුදල් එකතු කරන්න නිල අනුමැතිය දීලා නැති උනාට, නොනිල වශයෙන් ඕනෑතරම් මුදල් එකතු කරනවා. එවැනි කටයුතු වලට සූදානම් වෙච්ච ගැහැනු කණ්ඩායමකුත් ඉන්නවා විදුහලේ ප්‍රධානියාට එකතු වෙලා. එගොල්ලෝ කොහොම සල්ලි හම්බ කරනවාද දන්නෙ නැහැ. නමුත් බොහෝ පිරිසක් බොහොම අමාරුවෙන් සහ අර පිරිමැස්මෙන් ජීවිතේ ගැට ගහගන්නේ. සම්මාදම් ඉල්ලන්නේ ලොකු ලොකු ගණන්වලින්. පාසල්වල මොනම දෙයකටවත් මුදල් බලෙන් එකතු කරන එක නවත්වන්න ඕනෑ. කාටහරි බැබලෙන්න ඕන නම්, එගොල්ලන්ට පුළුවන් සල්ලි හොඳට වියදම් කරලා කරන දෙයක් කරලා, ඕන නම් ලොකු අකුරින් නම ලියලා “අහවලුන් විසින් මෙම කටයුතු සඳහා මුදලින් දායකත්වය සැපයන ලදී” කියලා ලොකු දැනුම්වීමක් ප්‍රදර්ශනය කරන්න.