(ඉන්දිකා රාමනායක සහ අමදෝරු අමරජීව)
කින්නියා කුරුඤ්ඤන්කේනී හි පාලම් පාරුවක් පෙරළීමෙන් අතුරුදන් පිරිසෙන් පුද්ගලයන් 17 දෙනෙකු දැනට බේරා ගෙන ඇති බව නාවික හමුදාව පවසයි. බේරාගත් පිරිස අතර පාසල් ළමුන් තිදෙනකු ද සිටින බව නාවික හමුදාව කියයි.
අනතුරට ලක්ව අතුරුදන් වූ පිරිස බේරා ගැනීම සඳහා නාවික හමුදාවේ විශේෂ යාත්‍රා බලඝණය, ක්ෂණික ක්‍රියාකාරී බලගණය , මැරීන් බලගණය ට අයත් විශේෂ කිමිදුම් කණ්ඩායම් 8 ම යොදවා ඇතැයි ද නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
මේ අතර මෙම සිද්ධියට විරෝධය පාමින් ප්‍රදේවාසිහු පිරිසක් කින්නියා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වටකමින් උද්ඝෝෂණයක නිරත වන බව අප වාර්තා කරුවෝ පවසති. මෙම කලපුව හරහා ඉදිකරන පාලමේ වැඩ කටයුතු ප්‍රමාද කරන බව ඔවුහු චෝදනා කරති.
පොලිසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුද හමුදාව ආරක්ෂාවට යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැැවසීය.
(අමදෝරු අමරජීව සහ ඉන්දිකා රාමනායක)
කින්නියා කුරුඤ්ඤන්කේනී හි පාලම් පාරුවක් පෙරළීමෙන් සිසුන් හය දෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙම පිරිස අද පෙරවරුවේ පාසල් යමින් සිටියදී මෙම අනතුරට මුහුණ පා ඇත.
අනතුර සිදුවන අවස්ථාවේ එහි 20 දෙනකු පමණ ගමන් කර ඇති අතර ඉන් කීපදෙනකු පීනා ගොඩට ඇවිත් ඇතැයි ද දැනගන්නට ඇත.
කින්නියා සහ කුරුඤ්ඤන්කුලම යා කරමින් මෙම පාලම් පාරුව සේවයේ යොදවා ඇත්තේ දැනට එහි ඇති පරණ පාලම වෙනුවෙන් නව පාලමක් ඉදිකරන නිසා බව ද ප්‍රදේශවාසීහු පවසයි
මියගිය ගණන මීට වඩා ඉහළ යා හැකි බව ද පොලිසිය පවසයි. අතුරදහන් වුවන් සොයා පොලිසිය සහ නාවික හමුදාව මෙහෙයුමක් ආරම්භ කර ඇත.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එම ළමයින්ට දෙවියන්ගේ ආශිර්වාදයෙන් ස්වර්ගයේ ඉහළම තැන ලැබේවා...!
ලංකාවේ පාසල් වල හෝඩි පන්තියේ ඉඳල හැම මගුලක් ම උගන්වනවා , උදේ ඉඳන් රෑ වෙනකල් පොත් පාඩම් කරලා විභාග ලියනවාට වඩා මූලිකවම ආරක්ෂාකාරීව,විනයක් ඇතිව පරිසරය සොබා දහම ආරක්ෂා කරගෙන ජීවත් වෙන හැටි ප්‍රයෝගිකව පුහුණු කරන්න ඕනේ. බෝට්ටු වල යද්දී මූලික අවශ්‍යතාවක් වන රුපියල් 1000-2000ට ගන්න පුළුවන් ලයිෆ් සේෆ්ටි ජැකට් ටිකක් හැමෝටම දීල තිබුනා නම් . මට හිතෙන්නේ යුධ හමුදා ජීවිත ආරක්ෂක පාඩමක් ,පරිසර පාඩම පොඩි පන්ති වල ඉඳල ළමයින්ට කියල දෙන්න ඕනේ. මෙතන හමුදාව ආව කියල වැලලෙන්න යන පිරිසක් නිසා මේ වගේ වැඩසටහනකට කොහොම ප්‍රතිචාරයක් එයිද දන්නේ නැහැ
තව තව ණය අරන් හදාපල්ලා නෙලුන් කුලුනු......! කොමිස් පිපාසේ නිසා දුක්විදින්නේ අහින්සක මිනිස්සූ....
එන්න අපි ගුවන් පාලම විවෘත කරමු
අධිවේගී මාර්ග වලින් වගේ ලාභ නොලැබෙන ව්‍යාපෘතියක් නිසාද පාලම හදන්න ඉක්මන් නොවුනේ?
පව් අහිංසක ජීවිත .මේ පාලමේ වැඩ භාරව ඉන්න රජයේ ආයතනය සහ කොන්ත්‍රාත් සමාගම හැකි ඉක්මනින් පාලම හදලා දීලා තව දුරටත් ජීවිත නැතිවීම වලක්වන්න කියලා ඉල්ලා සිටිනවා .
තව නෙළුම් කුළුණු ටිකක් ,ජොගින් ට්‍රැක් ටිකක් හදල බේබිලට රේස් පදින්න ෆෝමියුලා රේස් ට්‍රැක් එකක් හැදුවනම් ඔහොම වෙන්නෙ නෑනේ..
සංවර්ධනය කියලා රාජපක්ශාලා නැව් නැති වරායවල්,ප්ලේන් නැති ගුවන් තොටුපළවල් හදලා ණය අරන් රට අගාදයට දාලා.දුප්පත් මිනිස්සුන්ට යන්න පාලම් කීයක් හදන්න පුලුවන්ද ?
ජාතිය ගැන කතා කළාට මිනිස්සුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කරලා නැහැ ඒ පළාතේ....
මොන බලඝන දැම්මත් වැඩක් තියනවද? මිනිස්සු මැරිලා ඉවරයි. දේශපාලනයෙන් හොරකම් කරපු සල්ලිවලින් පාලම් කීයක් නං හදන්න තිබ්බද?.
රත්තරන් ගේට්ටු දාන්න ඉස්සෙල්ලා පාලමක් හදලා දාන්න.
බොරු සෝබන වැඩවලට නම් දූෂිත දේශපාලුවෝ මහජන මුදල් කාබාසිනියා කරනවා. ජනතාවගේ යහපතට හරිහමන් දෙයක් කරනවද? කියන්නේ නම් මහ ලොකු ජනතා නියෝජිතයින් කියලා...
යහපාලනය කාලේ මෙලෝ වැඩක් කළේ නැහැ. ලක්ෂ 62ක් එකතුවෙලා මහින්ද මහත්තයාව පරාද නොකළා නම් ඔය හැම දෙයක්ම දැන් වෙනකොට හැදිලා... එතුමාට පින් සිද්ද වෙන්න පාලම්, පාරවල් මෙහෙම හරි හැදිලා තියෙනවා...
හදමු ලෝකෙට පේන්න උසම කුළුණු, වැවක් ගානේ ජොගින් පාක්, හන්දියක් හන්දියක් ගානේ ජිම් පෙට්ටි... රටේ කරුමෙට පහළ වුණු පාලකයෝ..!
ශ්‍රී ලංකාව එක් දහස් නවසිය අසූ ගණන් වල තිබිච්ච බංගලාදේශයේ තත්ත්වයට පත්වෙලා තිබෙනවා. කොහොමද අපේ අමන දේශපාලුවන්ගේ සුපිරි ගේම්වල සුපිරි ප්‍රතිඵල..?
රාජා භවතු ධම්මිකෝ
පාලම් හදන්න සල්ලි දෙන්න බැරිනම්, අඩුම ගානේ නගින අයට පැළඳ ගන්න ජීවිතාරක්ෂක කබා ටිකක් හරි අරන් දෙන්න බැරිද ආණ්ඩුවට, පළාත් සබාවට, ප්‍රාදේශීය සබාවට? මේ දේවල් ධීවරයින්ට, පාලම් පාරුවල, බෝට්ටුවල යන අයට අනිවාර්ය කරන්න ඕනේ...