
(විමුක්ති එස් රුද්‍රිගු)
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හිඩැල්ගෝ ප්‍රකාශ කළාය.
එසේම පැරිස් නුවර ස්ථානයක් ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ නමින් නම් කිරීමටද නගර බලධාරීන් තීරණය කර තිබෙන බවද ඇය පැවැසුවාය. එසේම 88 හැවිරිදි පාප් වහන්සේ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් ලෙස දින තුනක ශෝක කාලයක් ප්‍රකාශයට පත්කරන බවද ස්පාඤ්ඤ අධිකරණය අමාත්‍ය ෆීලික්ස් බොලානොස් ප්‍රකාශ කළේය.
යහපත් මිනිසෙකුගේ සහ ශ්‍රේෂ්ඨ පාප්වරයෙකුගේ අභාවය පිළිබඳ ස්පාඤ්ඤය ශෝකය ප්‍රකාශ කරන බවත් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ඉතිහාසයට උරුමයක් කර ගොස් තිබෙන බවත් අමාත්‍යවරයා පැවැසුවේය.
පලස්තීන අධිකාරියේ සභාපති මහමුද් අබ්බාස්, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, තෙවැනි චාල්ස් රජු සහ රැජින මෙන්ම ජීවත්ව සිටියදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට එරෙහි වූ රාජ්‍ය නායකයෝද උන් වහන්සේට ගෞරව කරමින් ශෝක පණිවුඩ නිකුත් කර තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට වසර 6ක් ලැබූ මේ පාස්කු සතිය දුක්බර එකක් බව නොකියා බැරිය. AKD රජය මේ අවස්ථාව වෙනුවෙන් ගන්න පියවර ගැන කිතුණු ජනතාව බලා සිටිනවා. බොහෝ දෙනෙක් විශේෂ නිවාඩු දිනයක් බලාපොරොත්තු තබා සිටිනවා.
අයිපල් කණුව පත්තු කලොත් අගෞරවයක් වෙන බව දැනගත්තේ දැන් තමයි.
ඩඩ්ලි සේනානායක මහතා අභාවප්‍රාප්ත වූ දින එවකට තිබූ සිරිමා මැතිණියගේ වාමාංශික රජය ඩඩ්ලි මහතාට ගෞරවයක් ලෙස එදින රාත්‍රියේ මුළු කොළඹ නගරයේම විදුලි ආලෝකය නිවා දැමූ හැටි අද වගේ මතකයි.