
(පුෂ්පකුමාර මල්ලවආරච්චි )
පාදයක් වෙන්වී බරපතළ ලෙස තුවාල සිදු වූ පුද්ගල මළ සිරුරක් වේයන්ගොඩ සහ වදුරව දුම්රිය ස්ථාන අතර වදුරව දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී අද (28) පෙරවරුවේ සොයා ගත් අතර මෙම සිද්ධිය හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයේ තරමක් ප්‍රමාදයක් සිදු වූ බවද වේයන්ගොඩ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ වේයන්ගොඩ මොට්ටුන්න ප්‍රදේශයේ පදිංචිව සිටි රොෂාන් මහානාම නැමති 40 හැවිරිදි තිදරුපියෙකි.
දුම්රිය මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු දුම්රිය මාර්ගයේ මළ සිරුර තිබෙනු දැක වේයන්ගොඩ දුම්රිය ස්ථානයට දැනුම් දීීීීමෙන් අනතුරුව පොලිසිය මළ සිරුර සොයා ගෙන ඇත.
මිය ගිය පුද්ගලයාගේ එක් පාදයක් මළ සිරුර තිබූ ස්ථානයේ සිට මීටර් 10 පමණ දුරින් වැටී තිබූ අතර මියගිය පුද්ගලයාගේ බවට සැකකරන පාවහන් යුගලක් සහ පොරවක් ද ඒ අසල පැත්තක රදවා තිබී සොයා ගැනිණි.
කොළඹ දෙසට ධාවනය වූ දුම්රියක ගැටී මෙම අනතුර සිදුවී ඇති බවට සැක කරන බවත් කුමන දුම්රියක ගැටුණේද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත් වේයන්ගොඩ පොලිසිය පවසයි.

2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
743
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පාදයක් වෙන් වූ සිරුරක් වඳුරව දුම්රිය ස්ථානය අසළ