IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ප්‍රා.ලේ.කොට්ඨාස 27 කට නාය අනතුරු ඇඟවීම්

(මොහොමඩ් ආසික්)

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 27 කට නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (29) සවස නිකුත් කරනු ලැබ තිබේ.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ  හපුතලේ හාලිඇල සහ පස්සර  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සහ ,කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල , අරණායක,මාවනැල්ල,රුවන්වැල්ල,වරකාපොළ,ගලිගමුව, යටියන්තොට යන බුලත්කොහුපිටිය යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට පළමු මට්ටමේ නිවේදනයද ,

රත්නපුර දිස්ත්‍රික්කයේ නිතිවිගල , කහවත්ත,පැල්මඩුල්ල, අයගම, සහ කිරිඇල්ල  යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ නිවේදනයද,

කලවාන, රත්නපුර,කුරුවිට,ඇහැලියගොඩ, ඇලපාත, සහ ගොඩකවෙල යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා දෙවන මට්ටමේ නිවේදනයද  වැලිගෙපොළ කොලොන්න, බලංගොඩ ඉඹුල්පේ, සහ ඕපනායක යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස සඳහා තෙවන මට්ටමේ හෙවත් රතු නිවේදනයද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය  විසින් නිකුත් කරනු ලැබ තිබේ.

 



අදහස් (0)

ප්‍රා.ලේ.කොට්ඨාස 27 කට නාය අනතුරු ඇඟවීම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 29 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 337 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 358 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site