
(රංජන් කස්තුරි)
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ පිහිටුවා ඇති උසස් පෙළ විභාගයේ පිළිතුරුපත් ඇගැයීමේ මධ්‍යස්ථානයේ පිළිතුරු පත් පරීක්ෂා කිරීමට ගවුම් ඇද ආ ගුරුවරියන් පිරිසක් විදුහල්පතිනිය ඔවුන් ගේට්ටුවෙන් ඇතුළට නොගැනීම නිසා විභාග මධ්‍යස්ථානය වසා දැමීමට විභාග කොමසාරිස් ජනරාල්වරයා පියවර ගත්තේය.
පාසල් පැවැත්වෙන දිනයක් හෙයින් පාසලේම කොටසක පවත්වාගෙන යන විභාග පිළිතුරුපත් ඇගැයීමේ මධ්‍යස්ථානයට ගුරුවරියන් පැමිණිය යුත්තේ සාරි ඇඳගෙන ආ බවත් පහසු ඇඳුමකින් පැමිණි අය ගේට්ටුවෙන් ඇතුළට ගැනීමට නොහැකි බවත් පාසලේ ආරක්ෂක නිලධාරීන් තරයේ ප්‍රකාශ කිරීම නිසා දෙපිරිස අතර ඉතා උණුසුම් තත්ත්වයක්ද හට ගැණිනි.
පාසලක විනයක් ඇති බවත් එම නිසා ගුරුවරියන් සාරි ඇද පාසල් භූමියට ඇතුළු විය යුතු බවත් තමන් ක්‍රියාත්මක කරන්නේ විදුහල්පතිනියගේ නියෝගය බවත් එම ආරක්ෂක අංශ ප්‍රකාශ කර තිබිණ.
එහිදී පිළිතුරු පත් ඇගයීමට පැමිණි ගුරුවරියන් සඳහන් කර ඇත්තේ විභාග පිළිතුරුපත් ඇගයීමේ මධ්‍යස්ථානයක පාලනය විභාග කොමසාරිස් ජෙනරාල්වරයා සතුවන හෙයින් ඒ පිළිබඳව විදුහල්පතිනට වගකීමක් නොමැති බවය.
කෙසේ වෙතත් දෙපිරි අතර තර්ක විතර්ක උණුසුම් වෙමින් පැවති අතර එය පාලනය කිරීම සඳහා පොලිසිය කැඳවීමට බලධාරීන් පියවර ගෙන තිබිණ.
පොලිසිය මැදිහත් වුවද දෙපිරිස් අතර සමථයක් ඇති නොවූ හෙයින් විභාග කොමසාරිස් ජනරාල්වරයා දුරකථනය ඔස්සේ උපදෙස් ලබා දී තිබුණේ එම විභාග මධ්‍යස්ථානය දින තුනකට වසා දමන ලෙසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල පැවැත්වෙන දිනයෙක රජයේ පාසලකට ඇතුලු වීමේ දී කාන්තාවන් සේ ම පිරිමි අය ද තමන්ගේ ඇඳුම පිළිබඳ සැලකිලිමත් විය යුතුය. මෙම සිදුවීමේ දී විදුහල් පතිනියගේ ක්‍රියාව එම සම්ප්‍රදායයට එකඟ වග.පෙනේ. ප්‍රශ්න පත්‍ර බලන ගුරුවරියන් උද්දච්ච විලාසයෙන් හැසිරී ඇති බව පෙකේ.
ඔවැනි තීරණයක් ගන්න තිබුනේ එම ටීචර්ලා ගවුම් නැතුව හෝ 'මිනි' ගවුම් ඇඳගෙන ආවා නම් විතරයි. මේ අය හියුමන් රයිට්ස් කොමිෂන් එකට ගියොත් මොකද වෙන්නේ ?
ඉස්කෝලෙ කොල්ලන්ට ඇඟ පෙන්නන්න ආස හිතිල නේද?
සිස්ටම් ඡේන්ජ් තුළින් පුනරැදයට........ගවුම් අදින විනය ගරැක කාන්තාවන් ඒමටය....වැඩ අවසන් වූ පසු රස්තියාදු ගැසිමට ගවුම පහසු ඇඳුමකි
මේ ගුරුවරුන්ව බලෙන්ම මුස්ලිම් කරන්න ඕනෙ .නැත්නම් ඉස්සරහට නාන ඇඳුමෙන් එන්න පුළුවන්
නියමයි. ඒ විදුහලිපතිනියට හද පිරි උත්තමාචාරය. රැඩිකල් කුහක හැත්ත රටේ අනාගත පරපුර ඉදිරියේම රටේ හැදියාව සභ්‍යත්වය සංස්කෘතිය විනාශ කරනවා. මේ රැඩිකල් කුහකයින්ට ඉඩ දීලා ගියොත් තව අවුරුදු 10ක් 15ක් යද්දි සෝම්බි ලංකාවක් තමා ඉතිරි වෙන්නේ. ඒ නිසා විදුහල්පතිනිය ගත් ක්‍රියාමාර්ගය අගයනවා.
අපේ අගමැතිතුමා පන්ජාබි ඇඳුමෙන් ඇවිත්, මේ මෝඩ ප්‍රධාන ගුරුවරයා මොනවා කරන්නද යන්නේ?
මේ වගේ උන් නිසා තමයි දරුවොත් හදා ගන්න. බැරි. පගාව දීලා පත්වීම් ගත්තු කට්ටිය කිසිම උගත් කමක් නැති. ඉදිරියේදි පාසැල් චාරිකා යනකොට බිකිනි අරගෙන එයි නාන්න. අද දඩුවම් නුදුන්නොත්
මාර වැඩක් නේ මේක
ඔව් ඒක හරි .විනය තමයි මුලින්ම
එම ආරක්ෂක නිලධාරීන්ට අපගේ ගෞරවනීය ආචාරය. රටේ විනය හදන්න පාලකයො මාරු කරල බෑ. රටවැසියන් විනයගරුක, නීතිගරුක විය යුතුයි. නීතිය හරියට ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන අයට සහාය දිය යුතුයි.
පිස්සු තමා, මෙච්චර කල් සාරි ඇදලා වෙච්චි හොදක් තියනවා ද?
අපි හැමදාම කලේ රෙද්දෙන් විතරක් විනය හදන එක. ගවුම කියන්නේ අසංවර ඇඳුමක්ද? ඔය විදිහට විනය හදන්න ගිහින් තමයි ලංකාවේ පාරවල් දිගට කුණුමළු වීසිකරල තියෙන්නෙ..
ගුරැවරැන් අනිත් අයට ආදර්ෂමත් විය යුතුයි.
ගහලා පන්නන්න ඕන ඔය අම්මන්ඩිලා පෘතුගිසි ඇදුම් ඇදන් පාසල ඇතුළට එන අය එලවන්න ඕනෑ
ටීචර්ලගෙ කතාව ඇත්ත. සාරි ඇඳන් ආපුවහම හොඳට හුළං වදින්නෙ නැති හින්දා මොලේ රත්වෙලා සංයුක්ත ගනිතය වගේ විශයවල උත්තර පත්තර බැලීම වැරදෙන්න පුලුවනි. ඒ නිසා මොලේට හොඳට හුලං වදින්න ගවුම් ඇඳගෙන ඒම කිසි වරදක් නෑ. මොලේ තියෙන තැන අනුව කල්පනා කරන්න විදුහල්පතිතුමිය.
උත්තර පත්‍ර පරීක්ෂා කරන්න ලබා දෙන උපදෙස් වල ඇඳගෙන ආ යුතු ඇඳුම නියම කරලා නැත්තම් එහෙම බලෙන් සාරි අන්දන්න බැහැ . මානව හිමිකම් නඩුවක් ගියොත් විදුහල්පතිනිය හොම්බෙන් යන්නේ
ගුරුතුමිය කියන ගෞරවණීය ආදරණීය චරිතය පිරිහෙන්න දිය නොහැකියි. විනයක් නැති, දැක්මක් නැති හුදෙක් දේශපාලන මතයක් විතරක් දරන හීන ජනකොටස් වලට නම් දිව ඇඹරී යන තරමට මීට විරුද්ධව අදහස් ප්‍රකාශ කළ හැකියි. නමුත් ඒ හීන ජන කොටසට සමස්ත සමාජයක් විනාශ කිරීමට ඉඩ දිය නොහැක. හොඳ කොන්දක් ඇති ඒ විදුහල්පති තුමියට සමස්ත ගුණගරුක, හොඳ ප්‍රජානනයක් ඇති සමාජයේම ගෞරවය සහ ආචාරය හිමිවේ...
විදුහල්පතිනම් නියම කොන්දක් තියෙන කෙලින් කෙනෙක් මම ඔබට සුබ පතනවා. නියමයි නියමයි...!
මෝඩ, උද්දච්ච පසුගාමී අදහස් තියෙන මිනිස්සු තවමත් නලියනවා. මේ විසි එක්වන සියවසේ කාන්තාවකට තමන් කැමැති ඇඳුමක් අඳින්න තරම් නිදහස් නැති ගෝත්‍රික අදහස් වලින් පිරුණු සමාජයක් මේක. අනිත් අය අඳින්න ඕන අපි කැමැති ඇඳුමක් විතරයි කියලා තීරණය කරන්න හදන අය හිතාගෙන ඇත්තේ ඔවුන් සර්වබලධාරී දෙවියන් කියලා වෙන්න ඇති...
සාරිය රටේ සභ්‍යත්වයේ සංකේතය නොවේ.
උත්තරිතර කියන පාර්ලිමේන්තුවේ පවා කිසිම විනයක්, චාරයක් නැති දූෂිත දේශපාලුවෝ ඉන්නේ? ගුරුවරියන්ගේ ඇඳුම විතරක් හරියට තිබුණොත් ඇති...
ලොක්කට ඩබල් පොකට් සහ ඕනෙ තැනක යන්න පුළුවන් නම් ඇයි ගුරුවරියන්ට ගවුම් අඳින්න බැරි? නූගත් ජෙබයියෝ ස්මාර්ට් වෙන්න හදන ප්‍රාථමික ජන කොටසක්. සිස්ටම් චේන්ජ් කරන්න කළින් හරියට පරිණාමනය වෙයල්ලා.