
(ෂේන් සෙනෙවිරත්න)
කන්ද උඩරට ඓතිහාසික ඇසළ පෙරහරේ ප්‍රථම කුඹල් පෙරහර අද (10) සවස 5.48 ට යෙදෙන සුබ මූහුර්තියෙන් වීදි සංචාරය කිරීම ඇරඹීය.
ශ්‍රී දළදා මාලිගාවෙන් පෙරහර පිටත්ව දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය ඔස්සේ පන්සල පාරෙන් ඉහළට පැමිණ දේව වීදිය, කොළඹ වීදිය ඔස්සේ පහළට විත් යටිනුවර වීදිය, රජ වීදිය ඔස්සේ ඉහළට විත් පෙරහර ගෙවදීමට නියමිතය .
ප්‍රථම කුමල් පෙරහරේ සධාතුක කරඬුව වැඩමවීමේ භාග්‍ය උදාකරගෙන ඇත්තේ ශ්‍රී දළදා මාළිගාවේ ඇත්පන්තියේ ඉන්දිරාජා වන අතරමියන් රාජා සහ සිංහරාජාදෑල ඇතුන් ලෙස ගමන් කරයි.
ප්‍රථම කුමල් පෙරහර කුඩා ළමුන්ට පෙන්වීමෙන් එම දරුවන් අපල උපද්‍රව වලින් මිදෙන බවට පුරාණයේ සිට විශ්වාසයක් පවතින බැවින් බොහෝ දෙමව්පියන් තම කුඩා දූ පුතුන්ට ප්‍රථම කුඹල් පෙරහර පෙන්වීමට දැඩි උනන්දුවක් දක්වති .

2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ප්‍රථම කුඹල් පෙරහර වීදී සංචාරය කරයි