
(සුජිත් හේවාජුලිගේ)
පළාත් සභාවලට අයත් වාහන දෙදහසකට වැඩි සංඛ්‍යාවක් පසුගිය කාලසීමාවේදී අතුරුදන්ව ඇතැයි රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
එසේ අතුරුදන්ව ඇති වාහන අතර විවිධ සුඛෝපභෝගි පන්නයේ මෝටර් රථ හා ජීප් රථ රැසක්ද වේ.
පළාත් සභාවල විවිධ අමාත්‍යාංශ සහ ආයතන වලට අයත් වාහන මෙසේ වරින් වර අතුරුදන්ව ඇති අතර එම වාහන පිළිබඳව තොරතුරු අනාවරණය කර ගැනීම මේ දිනවල විමර්ශනයක් කරගෙන යන බව එම ආරංචි මාර්ග අනාවරණය කළේය.
මේ සම්බන්ධයෙන් අප රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ මෙම වාහන සොයා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස තමා නිලධාරීන්ට උපදෙස් දී ඇති බවයි.
පළාත් සභාවල බොහෝ වාහන පසුගිය කාල සීමාවේදී වැරදි ආකාරයෙන් පාවිච්චි කර තිබූ බවද ඔහු සඳහන් කළේය.
පළාත් සභාවල ප්‍රධානීන්ට වෙන් කෙරුණු ඇතැම් සුඛෝපභෝගි වාහන දේශපාලඥයන්ට හිතවත් ඇතැම් සුළු නිලධාරීන් පාවිච්චි කර ඇති බවටද තොරතුරු අනාවරණයවී ඇතැයි අමාත්‍යාංශය පවසයි.
මේ අතර මධ්‍යම පළාත් සභාවේ විවිධ වාහන තිස් එකකට ආසන්න සංඛ්‍යාවක් පිළිබඳව විගණනයට තොරතුරු අනාවරණයවී නැතැයි වාර්තාවේ.
දකුණු පළාත් සභාවට අයත් යතුරුපැදිය ඇතුළු වාහන 201 ක භෞතික පැවැත්ම පිළිබඳව තොරතුරු අනාවරණය නොවූ බව විගණන අංශ පවසයි.
මේ සම්බන්ධයෙන් අප රජයේ විගණකාධිපති ඩබ්ලිව් පී සී වික්‍රමරත්න මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ පළාත් සභාවල වාහන සම්බන්ධයෙන්ද විශේෂ විගණනයක් මේ දිනවල කරගෙන යන බවයි.
COMMENTS
රටේ මිනිස්සු අද වෙනකම් කළ අරක හිටපන් එක පුදුමයි."
අනුර, ඔබ ඉතා දැඩි විය යුතු අතර නීතිය කඩ කරන අයට දඬුවම් කළ යුතුය. මෙම වාහන සොයාගෙන ඉන්වෙන්ටරි කරන්න.
පේනවනේ කරලා තියන තරම, දැන් ඉතිං කිය කිය ඉඳලා වැඩක් නෑ. පරීක්ෂණ කරලා මේවා හොයාගෙන වැරදිකරුවන්ට දඬුවම් දෙන්නයි තියෙන්නේ
පුදුම විදියේ හොරකම් නේ මේ ලංකාවේ සිද්ධ වෙලා තියෙන්නේ. හොරකම් කරපු අයට නීතිය ක්‍රියාත්මක කර උපරිම දඩුවම් පැමිණවිය යුතුයි.
රටේ බල ව්‍යුහයන් වැඩිවෙන තරමට දූෂණය වැඩි වෙනවා. පළාත් සභා කියන්නේත් එවන් ව්‍යුහයක්.
"ඔක්කොම විහිළුම තමා, හැම හොරකමක් සහ වංචාවක්ම හෙලි වෙන්නේ විගණනයකින් විතරයි. ඒකත් සිදු වෙලා බොහෝ කාලයකට පස්සේ . බොහෝ දුරට ආණ්ඩුවක් මාරු උනාට පස්සේ . පුදුමේ තමා අදාල අංශ වල වගකිව යුතු නීලධාරීන් සේවය කරන අතරතුර සිදුවන වංචාවන් සහ හොරකම් ගැන කිසිම හෝඩුවාවක් එලියට එන්නේ නැහැ, ආණ්ඩුව මාරුවෙනකම්. මට නම් හිතෙන්නේ සොරකම සහ වංචාව ලංකාවේ ජාතික ප්‍රතිපත්තියක් වගෙයි . මේවා කවදා හෝ නැතැයි වෙයිද?"
ඇත්තටම දිස්ත්‍රික්කය මැතිවරණ කොට්ඨාශ කිරීමට පෙර තිබුන ආකාරයට මැතිවරණ කොට්ඨාශ නැවතත් ඇතිකර කොට්ඨාශයේම ස්ථිර පදිංචිවූ අයෙක් මංත්‍රීවරයා කර ඒ මංත්‍රීගේ ප්‍රධානත්වයෙන් කොට්ඨාශයේ සංවර්ධන කමිටුවකට බලය පැවරීමක් කලොත් දූෂනය හා නාස්තිය වැලකී රටේ සංවර්ධනය වේගවත් වේවි. ඒවායේ සභාපතිලා හා ලේකම්ලාගෙන් දිස්ත්‍රික් කමිටුත් ඇති කලොත් වටිනවා
ඇත්තටම පලාත් සභා අහෝසිකර දාන්න බැරිද? රටට දැවැන්ත බරක්.නිකම්ම ඉන්න සේවකයන්ට ලක්ෂ ගණනකට පින් පඩි ගෙවනව.
"පරීක්ෂණ ඉක්මන් කරලා වැරදි කරපු අයට දඬුවම් දුන්නේ නැත්නම් මෙයාලත් අර ගොඩටම වැටෙනවා."
රාජපක්ෂලාගේ සංකල්පයේ ප්‍රතිපල, 'අපේ ඒවා හොයන්න එපා, අපි උඹලාගේ ඒවා හොයන්නේ නැහැ.'
මේවා හොයන විට ඒවා ගැන ජනතාව දැනුවත් කරන විට තමයි, තෛයිපොන්ගල් කන්න කැකුළු හාල් නැහැ, පොල් නැහැ කියලා විපක්ෂ වලලෙන්න හදන්නේ එහෙම නැත්නම් වරායේ බත් පැකට් එකට කැරපොත්තො එහෙම එන්නේ.
පේනවනේ පලපුරුදු කාලකණ්ණි රට කරලා තියන විදිහ...?