
(දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පහ වසර සිසුන්ට 22 වැනි දින ලබාදුන් ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ පැවති මුද්‍රණ දෝෂ හේතුවෙන් තමන් මෙන්ම සිසු දරු දැරියන්ද දැඩි අපහසුතාවයකට පත්වු බව ගුරුවරු චෝදනා කරති.
මෙවර පැවැත්විමට නියමිත ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින අනුරාධපුර අධ්‍යාපන කලාපයේ පහ වසර සිසු දරු දැරියන් දෙදහසකට ආසන්න පිරිසකට මෙම ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රයට පෙනී සිටියහ.
අනුරාධපුර අධ්‍යාපන කලාප කාර්යාලයෙන් සකස් කරන ලද මෙම ප්‍රශ්න පත්‍රය අදාල පාසල් විදුහල්පතිවරුන්ට ලබාදිමෙන් අනතුරුව විදුහල්පතිවරු විසින් තම පාසලේ පහ වසරේ අධ්‍යාපනය ලබන දරු දැරියන්ට එම ප්‍රශ්න පත්‍රය මුද්‍රණය කොට බේදා දි තිබේ.
ප්‍රශ්න පත්‍රය දරු දැරියන්ට බේදා දිමෙන් අනතුරුව ප්‍රශ්න පත්‍රය කියවු දරු දැරියන්ගේ නොසන්සුන් තත්වය හේතුවෙන් ගුරුවරු සිදුකළ සොයා බැලිමේදි එම ප්‍රශ්න පත්‍රයේ වැරදිමකින් අසභ්‍ය වදන්ද ඇතුලත්ව තිබු බවත් එම නිසා සිසුන් මෙසේ නොසන්සුන් වු බවත් අනාවරණය වු බව ගුරුවරු පැවසුහ.
විදුහල්පතිවරුන්ගේ දැණුම්දිම මත නැවත කලාප අධ්‍යාපන කාර්යාලය මගින් එම මුද්‍රණ දෝෂ නිවරැදි කර නැවත ප්‍රශ්න පත්‍රයක් පාසල් වෙත ලබාදිමට පියවර ගෙන තිබුණි.
මේ සම්බන්ධයෙන් පළාත් ප්‍රධාන අමාත්‍යාංශයේ මෙන්ම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.එච්.එස්.කේ.ජයලත් මහතා ගෙන් සිදුකළ විමසුමේදි ඒ මහතා කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වා ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නා බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කරාම සෝදුපත් කියවන්නේ නැද්ද?
කලාප කාර්‍යාලයෙන් විදුහල්පතිලාට ලබාදුන් ප්‍රශ්නපත්‍රය විදුහල්පතිලා මුද්‍රණය කරන්න පෙර එකෙක්වත් කියවලා බැලුවනම් ඕක වෙන්නෙ නැහැනේ .එකම විදුහල්පති කෙනෙකුවත් අවධානයෙන් කටයුතු කල බවක් පේන්නෙ නැහැ. රාජ් යසේවයේදී අනවධානය වරදක් ලෙස පෙන්වනවා
අසභ්‍ය වචනවල තේරුම ළමයි දන්නවා, ඒ නිසානේ කලබල වෙන්නේ
එය ඉතාම වැරදියි
පුදුම වෙන්න දෙයක් නෑ. අධ්‍යාපන ඇමතිනි හරිනිනේ.
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුමැතියටත් ප්‍රථම ක්‍රියාත්මක කරලා වගේ...
හරි පුදුම උත්තර තමයි මේවා, වැරදීමකින් අසභ්‍ය වචන එක්වන්නේ කොහොමද? පිස්සෙක්ද ප්‍රශ්න පත්‍ර හැදුවේ? මාලිමාවුන් ආවාම හැමදෙයක්ම අනාගෙන. කොතනද පිළිවෙලට හරියට වැඩක් කෙරෙන්නේ?
රාජ්‍ය සංවිධානයක මෝඩයෙකුට පමණක් දිය හැකි මොනතරම් මෝඩ පැහැදිලි කිරීමක්ද? මේ කුඩා දරුවන්ට ඔප්පු පත්‍රිකා ලබා දීමට පෙර අවම වශයෙන් දෙවරක්වත් මෙම පත්‍රිකා කියවා නොබලන්නේ ඇයි? මෙය රාජ්‍ය අංශයේ පත්‍රිකා අලසකම පෙන්නුම් කරයි.
සිදු නොවිය යුතු සමාව නොදීය යුතු බරපතල වරදක්. ප්‍රශ්න පත්‍ර හදපු එකා/එකාලා මත්පැන් පානය කරලා මත් ගතියෙන් හිටපු අයද දන්නේ නෑ. විනයානුකූල පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. නිසි දඬුවම් ලබා දිය යුතුයි.
සමාජයේ සැරිසරන ව්‍යවහාර වෙන වචන ළමයින් ඉගෙන ගත්තම වැරදිද?
උඩ තියෙන නරුම කොමෙන්ට් දැක්කම මට හිතෙන්නේ සමහර විට මේවා උවමනාවෙන් කරනවා ඇති, අසරණ වෙලා අනාත වෙලා ඉන්න රාජපක්ෂ වික්‍රමසිංහ කල්ලියේ සට්ටැඹියන්ට එදා වේල හොයා ගන්න ක්‍රමයක් ලෙසට !
වැරැද්ද වෙලා තියෙන්නේ FMABHAYA ෆොන්ට් එකෙන් සියල්ල ටයිප් කරලා පසුව පරිමාව දැක්වීමට ml යන ඉංග්‍රීසි අකුරු ඉංග්‍රීසි ෆොන්ට් එකකට මාරු කරන්න බැරිවෙලා.
ඇත්ත, රටේම අධ්‍යාපන ඇමති හරිනි වුණාට, පළාත් අධ්‍යාපන ඇමති කෙනෙක් නැති එකනේ පුදුමේ. ඒ මදිවට ප්‍රශ්ණ පත්‍රයේ කුණුහරුප තිබුණත් සීයාගේ කාලේ වගේ වේලාසනින් පිටවෙලා නැහැනේ.
බයි නිලධාරීන් ආණ්ඩුව අපහසුතාවයට පත්කරන්න කරන කුමන්ත්‍රණ මේවා..
දෙපාර්තමේන්තු මට්ටමින් පරීක්ෂණයක් පැවැත්විය යුතු අතර, පත්‍රිකා සකස් කළ පුද්ගලයින්, පරීක්ෂා කළ පුද්ගලයින් සහ මුද්‍රණය කිරීමට පෙර සහ පසු පුද්ගලයින්ගෙන් ප්‍රශ්න කර වරදකරු හඳුනා ගැනීමට සහ චෝදනා පත්‍රයක් නිකුත් කළ යුතුය.
ඕක මොකක්ද? මේ දවස්වල සමහර උසස් පෙළ ජීව විද්‍යා ගුරුවරු විෂය උගන්වන මුවාවෙන් ඕනේ තරම් කුණුහරුප අන්තර්ජාලයේ දොඩවන්නේ...
ඒ අසභ්‍ය වචන මොනවාද කියලා දන්නේ නැද්ද?
මාලිමාවට ජය වේවා...!
පච ආණ්ඩුවකින් මීට වඩා ආතල් ඉස්සරහට බලාපොරොත්තු වෙන්න පුළුවන්.. ඩෝබිලා ටික හිටියොත් හොඳයි හෝද හෝදා ඉන්න.