
(රංජන් කස්තුරි )
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයෙන් ප්‍රශ්න තුනක් ඉවත් කොට ලකුණු ලබාදීමට තීරණය කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසීය.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර පිටුවූයේ දැයි සොයා බැලීම සඳහා විභාග දෙපාර්තමේන්තුව මේ වන විට පූර්ණ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව ද විභාග කොමසාරිස්වරයා සඳහන් කළේය
ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය බව සඳහන් කරමින් ව්‍යාජ ප්‍රශ්න පත්‍රයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීම නිසා ලද පැමිණිල්ලක් මත මූලික විමර්ශනයක් සිදුකොට ඇති බවද ඔහු සඳහන් කළේය.
ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර සකස් කළ පරීක්ෂක මණ්ඩලය කැඳවා එම ව්‍යාජ ප්‍රශ්න පත්‍රය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර එහිදී ඔවුන් තීරණය කර ඇත්තේ එම ව්‍යාජ ප්‍රශ්න පත්‍රයේ ශිෂ්‍යත්ව විභාගයේ නියම ප්‍රශ්න පත්‍රයේ සඳහන් ප්‍රශ්න තුනකට ආසන්න සමානතාවයන් යුත් ප්‍රශ්න තුනක් පමණක් තිබූ බවය.
ඒ අනුව එම ප්‍රශ්න තුන ඉවත්කොට ඇගයීම් සිදු කිරීමට තීන්දුවක් ගත්ම බවට හෙතෙම සඳහන් කළේය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රශ්ණ 6කට වඩා පිට වී තිබූ බව පැහැදිළිය.ප්‍රශ්ණ පත්‍රය පිට වුනේ කොතනින්ද? මෙයට වඟ කිව යුත්තේ කවුද? යන පැණයට විභාග කොමසාරිස්ගේ කිසිදු අදහසක් නැත. ඇතැම් ටියුෂන් ගුරැවරුන් 2වන පතයේ ද සමහර පුශ්ණ එළියට දී තිබුණි. ප්‍රශ්ණ පත්‍රය එළියට දුන් ටියුෂන් මුදලාලි මහතා ප්‍රකාශ කරන්නේ විභාග දෙපාර්තමේන්තුව සිය ප්‍රශ්ණ පත්‍ර වලින් ප්‍රශ්ණ ගත් බවයි. විභාග දෙපාර්තමේන්තුවේ වග කිවයුතු නිලධාරීන්ගේ නිහඩතාවයෙන් එය සැබෑවක් ද යන්න සාධාරණ සැකයක් පවතී...
සොරාගෙ මවගෙන් ගැටලු විසදුම් අරගන .අකවුන්ට් වලට කීයක් වැටිලද දන්නෑ
පැහැදිලිව ප්‍රශ්න පත්‍රය පිට වෙලා තියෙනවා... අනෙක් ප්‍රශ්න පිටවුනේ නැහැයි කියලා සැක හැර කියන්න හැක්කේ කෙසේද විභාගයක්වත් හරියාකාරයෙන් පවත්වන්න නොහැකි රජයක් අපට තියෙන්නේ