IMG-LOGO

2025 ජුනි මස 28 වන සෙනසුරාදා


පොහොර බෙදන්න කෘෂි ඇමති ඩීසල් ඉල්ලයි

(අංජුල මහික වීරරත්න)

යල කන්නයේ අස්වනු නෙලීම සහ යූරියා පොහොර ප්‍රවාහනය සඳහා ඩීසල් ලීටර් 20,275,000ක් අවශ්‍ය බව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දෙන බව කෘෂිකර්ම වන ජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

2022 යල කන්නයේ මේ වනවිට දිවයින පුරා කුඹුරු හෙක්ටයාර් 4,77,000ක පමණ වී වගාකර ඇතැයි ද ජුනි මාසයේ තුන්වන සතියේ සිට දිවයිනේ ප්‍රදේශ ගණනාවක අස්වනු නෙලීම ආරම්භ වන අතර, අස්වනු නෙලීම ඔක්තෝබර් මස දෙවන සතිය දක්වා සිදු කෙරෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අස්වනු නෙලීමෙි කටයුතු 95%ක්ම සිදු කරනු ලබන්නේ යන්ත්‍ර භාවිතයෙන් හෙයින් එහි යම් ප්‍රමාදයක් වුවහොත් විශාල වශයෙන් අස්වනු හානි සිදුවිය හැකි බවත් අමාත්‍ය මණ්ඩලයට දැනුම් දෙන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කරයි.

එමෙන්ම ඉදිරි මහ කන්නය සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනය කරනු ලබන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගොවි පොළ වල අස්වනු නෙලීම සහ එම බීජ ගොවීන් වෙත ප්‍රවාහනය කිරීම සඳහා බීජ ගොවිපොළ හා බෙදා හැරීමේ මධ්‍යස්ථාන ඇතුළු ආයතන 44ක් වෙත ඉන්ධන සැපයිය යුතුව තිබෙන බවද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියයි. ඉන්දියා රජය දෙන යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් බෙදා හැරීමට ද නියමිතව ඇති බැවින් ගොවිජන සේවා මධ්‍යස්ථාන 566ක් වෙත ලොරි රථ 2000ක් උපයෝගි කරගනිමින් යූරියා පොහොර බෙදා හැරීමට ද සැලසුම් කර තිබෙන බව අමාත්‍යවරයා පවසයි.

මෙම කාරණා නිසා වී වගාවට අදාළව කරන කටයුතු සඳහා ප්‍රමුඛත්වයෙන් ඉන්ධන දීම කළ යුතු බවට රජයේ අවධානය යොමු කරමින් අමාත්‍ය මණ්ඩලය වෙත සටහනක් ( Note to the Cabinet ) ඉදිරිපත් කරන බව ද අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 



අදහස් (0)

පොහොර බෙදන්න කෘෂි ඇමති ඩීසල් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 306 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 79 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 257 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site