(අංජුල මහික වීරරත්න)
පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගම්පහ ජන රැළියේ දී අද (22) පැවසීය.
වවුනතිව්හි පොලිස් නිලධාරීන් ඝාතනය කළ ස්ථානයට ජැකට් එකක් ගෙන ගොස් දැමුවේ කවුද? සහ එෆ්.බී.අයි එකෙන් දුන් එමි අංකයට අදාළ දුරකථනය කාගේද?යන ප්‍රශ්න දෙකට පිළිතුරු සොයාගෙන තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.
සියලු ප්‍රශ්න ක්‍රම ක්‍රමයෙන් ලෙස ලිහමින් සිටින බව කී ජනාධිපතිවරයා කොච්චර පරණ වුනත් විමර්ශන හරියට කරන බවට ප්‍රතිඥා දෙන බව අවධාරණය කළේය.
"පාස්කු ප්‍රහාරයට අවුරුදු හයක් ගත වී තිබෙනවා. එම කාලයෙන් පහ මාරක්ම ගත වුනේ විමර්ශන වසන් කරන්න. සාක්ෂි යටපත් කරන්න සහ පරීක්ෂණයේ දිශාව වෙනස් කරන්න උත්සාහ කළා.
සැබැවින්ම පරීක්ෂණයට යා යුතු තැන් අත්හරින්න උත්සාහ කළා.පරීක්ෂණ දියත් වුනේ මෙහෙම තමයි. දැන් නැවත ඒ විමර්ශන සක්‍රීය කොට තිබෙනවා. ප්‍රතිඵල ලැබෙමින් තිබෙනවා යනුවෙන් ද ජනාධිපතිවරයා කීය.
පළාත් පාලන මැතිවරණයේ ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය පැවැත්විණි.
ශ්රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ සංචාරක ප්‍රවේශපත්‍ර විභාගකරුවකු රුපියල් 1500/= ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා වි
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ නිල සංචාරයක් සඳහා හෙට(3) රාත්‍රියේ දිවයිනෙන් බැහැර යයි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ සිසුවකු නවක වදය හේතුවෙන් දිවි හානිකර ගෙන ඇති බවට තිබෙන චෝදනාව සම්බන්දයෙන් එයට සමිබන්ද පුද්ගලයන්
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ තෙවන වසරේ සිසුවෙකුට එම වසරේම සහ සිව්වන වසරේ සිසු පිරිසකගේ පහරදීමකින් රෝගාතුර ප්‍රතිකාර සඳහා වැලිගම ප
එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහිව යුද හමුදාව දියත් කළ ක්‍රියාන්විත අතරතුරදී සොයාගන්නා ලද රන් ආභරණ ඇතුළු රත්‍රන් තොගයක් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරි
මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
රම්බොඩ Tuesday, 22 April 2025 11:22 PM
අද daily mirror කියවපු ඕනෑම කෙනෙකුට මෙයා කෙළින පච ගැන අදහසක් ගත හැකිය
Rodni Wednesday, 23 April 2025 12:02 AM
ඇත්තටම හොඳ පිං ලිඳ ගාව ඕපාදුප කියන්න විතරයි
Neel Wednesday, 23 April 2025 03:03 AM
නියම නායකයෙක්. ශ්‍රී ලංකාවට ජය වේවා...
Kumara Wednesday, 23 April 2025 05:44 AM
එහෙනම් ඒ හොඳටම ඇතිනේ .අපිට වෙන මොනවත් ඕන නැහැ
යෝගා Wednesday, 23 April 2025 06:47 AM
ඉතුරු ගැටලු හතර ඊලඟ ඡන්දය එනකම් කියව කියව ඉන්න තියාගන්නම් හොඳේ
Perera Wednesday, 23 April 2025 06:50 AM
ගැරඬින්ට භූමිතෙල් වැදිලා කලබලෙන් දඟලන්නේ මොකද්ද කියලා පැහැදිලියි
prasanna Wednesday, 23 April 2025 10:54 AM
මුවන් පැලැස්සේ පිනා
Janath Wednesday, 23 April 2025 10:58 AM
මහා චේතිය
අරවින්ද මොණරවිල Wednesday, 23 April 2025 11:29 AM
පාස්කු හැලිය දැන් හොඳටම රත්වීගෙන එන්නේ, මෙපමණ කාලයක් සැපයක් යයි හිතමින් දිය කෙළි, මිනීමරු, කක්කුටු රැලට ඒකේ සාපය ළඟා වෙමින් තිබෙනා බව දැනෙනවා ඇති. ජාතික ජනබල වේගය හැර වෙන කවුරුන්ද ඒ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට යුක්තිය ඉටු කරන්නේ?
Nuwan Wednesday, 23 April 2025 12:44 PM
බලාගෙන පොලව පලාගෙන යයි
Hiran Wednesday, 23 April 2025 12:46 PM
අන්තිමට චේගුවේරා පච උනා
Sinha Wednesday, 23 April 2025 12:47 PM
පචාධිපති
ගුණරත්න Wednesday, 23 April 2025 06:30 PM
ෂුවර්ද සැර්, පොලිස්සියේ මහත්තුරු කියන්නේ පාස්කු විමර්ශන වාර්තාව තව කමිටුවකට දැම්මා කියලා...