IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පාස්කු විමර්ශන ගැන ඇමැති නිශාන්තගෙන් දොස්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසං කළැයි කියන චෝදනාවට,එම ප්‍රහාරය වලක්වා ගැනිමට කටයුතු නොකල පිරිස් අපේ රජයත් මේ අය ආරක්ෂා කරනවා දැයි රජය නියෝජනය කරන ඇමතිවරයකු හැටියට වගේම කතෝලිකයකු හැටියටත් යම් සැකයක් තිබේනවා යැයි රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.

අපේ කාදිනල් තුමන් කොන්ද පණ තිබේන නායකයෙක් මමත් කතෝලිකයෙක් හැටියට බොහෝම ආදරය කරන චරිතයක්.

ආණ්ඩුව නියෝජනය කරන ඇමතිවරයකු ලෙස මමත් මේ ගැන දරණ මතයක් තිබේනවා.

පාස්කු ප්‍රහාරය වේලාවේ මේ පිළිබදව තොරතුරු වසං කලේ කියලා, ජනතාව ආරක්ෂා කළේ නැහැ කියලා, ඒදා හිටපු පොලිස්පති‍ෙ අද ඉන්නේ හිර ගෙදර නම්, ඒදා හිටිය ආරක්ෂක ලේකම් අද ඉන්නේ හිර ගෙදර නම්, ඔය කියන කාල සිමවේදි හිටපු ජනාධිපතිවරයාට මූක්තිය කියන එකකුත් තිබුනේ නැත්නම්, ඔය කියන කාල සිමාව අස්සේ ආරක්ෂක කණ්ඩායම අස්සේ සේනාවිධායක හිටපු සිරිසේන ජනධිපතිවරයාගෙන් කට උත්තරයක්වත් ගන්නේ නැත්නම්, රජය පැත්තෙන් ඔවුන් ආරක්ෂා කරනවාද කියලා කියන එක ගැන කතෝලිකයකු හැටියට මගේ හෘද සාක්ෂීයත් කතා කරනවා.

ඒ නිසා අද ජනාධිපතිතුමා අගමැතිතුමා යම් කිසි දෝෂාරෝපනයක් ලබනවා නම්,අපේ නායකයන් දෙදෙනාත් හෘද සාක්ෂීයෙන් අහලා බලන්න උවමනායි කියලා මම කියනවා.

ඒ නිසා අපි පරිස්සමට කටයුතු කළ යුතුයි.ජීවිත ගනනාවක් අපට අහිමි වුණා කතෝලක ජනතාව ඉතාමත් දුකින් ඉන්නේ මේ පිළිබදව තොරතුරු සොයා ගන්න.මේ සදහා සාධාරණයක් ඉෂ්ඨ කරන්න්න.

මෙහිදි මැල්කම් කාදින් රංජිත් කොළඹ අගරදගුරු තුමෝ මෙසේ කිය.

අපේ ඇමතිතුමා පාස්කු ප්‍රහාරය ගැන කතා කළා. අපි ස්තුතියි කියනවා අපේ ඇමතිතුමාට මේ ධෛර්යවන්ත වචනයට.

 

අපි ඉල්ලන්නේ කරන්න බැරි දෙවල් නොවෙයි කරන්න පුළුවන් දේවල්. මේ හානිය කරපු අය, අන්තවාදින් ඒ සංවිධානවලට බැදිලා ඒ ක්‍රියාව කරවපු අය.ඒ අයටත් දඩුවම් කරන්න.

නමුත් ජනාධිපති කොමිසන් වාර්තාවේ පැහැදිලිවම සදහන් කරලා තිබෙනවා එදා හිටිය නායකයින් දැන දැනත් මේ ප්‍රහාරය වලක්වන්න කටයුතු කර නැති බව.

ඒ අයගේ ලයිස්තුවක් දාල තියෙනවා ලයිස්තුවක් පැහැදිලිය.

අපි ඉල්ලන්නේ කරන්න බැරි දෙයක් නොවේයි කරන්න පුළුවන් දෙයක් විතරයි රජයෙන් ඉල්ලන්නේ.

හිටපු ජනාධිපතිකුමා පැහැදිලිවම මේ ප්‍රහාරයට වගකිව යුතු බව ඒ වාර්තාවේ සදහන් වෙනවා ඒ නිසා ඒ අයට අදාල නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි ඉල්ලන්නේ පැහැදිලිවම.

තමන්ට විතරක් වාසි වන විදිහට නොවේයි. අවංකව සාධාරණය නීතිය ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.

අද අපි සන්තෝෂ වෙනවා ඔබතුමා බොහෝම පැහැදිලි ප්‍රකාශයක් කලා.

කරුණාකරලා අගමැතිතුමාටත් ජනාධිතුමාටත් කියන්න.අපිට ඒ අය සමග ප්‍රශ්නයක් ඇති කර ගන්න උවමනාවක් නැහැ. නමුත් මේ හැසිරිම අපිට පිළිගන්න බැහැ.මොකද අවුරුදු එකහාමාරක් තිස්සේ ප්‍රශ්න කරලා හදපු වාර්තාව ක්‍රියාත්මක කරන්න කියලා තමයි අපි ඉල්ලන්නේ.

ඒක ජනතාවට කරන සාධාරණයක්.අපි වැඩිපුර දෙවල් ඉල්ලන්නේ නැහැ'.

රාජ්‍ය ඇමතිවරයා මේ බව පවසා සිටියේ මහකුඹුක්කඩවල ගම්මාන කිපයක් ආවරණය වන ආකාරයට ලක්ෂ 43 ක මුදලක් වැය කරමින් ඩැරල් කූඤ්ඤ පියතුමන් හා ධානපතියන් පිරිසක් එක්ව ඉදිකර දුන් එල්ලෙන විදුලි අලි වැට විවෘත කිරීමේ අවස්ථාව එක්වෙමිනි.



අදහස් (9)

පාස්කු විමර්ශන ගැන ඇමැති නිශාන්තගෙන් දොස්

පැරකුම් Sunday, 06 February 2022 09:35 AM

ඕවා කරලා අපි කොහොමද අනිත් සැරේ ඡන්දෙ කරන්නේ…? මෝඩ කතා නොකියා ඉස්සරහ බලලා වැඩකරන්න ඉගෙන ගන්න.

:       14       4

උපාසක Sunday, 06 February 2022 09:51 AM

ඇත්තටම දිසාවන නිලධාරිනියට සිදුකළ අපහාසයට පසුව මේ මන්ත්‍රීට අපේ කැමැත්තක් ඇත්තේම නැහැ. නමුත් ගුවන් විදුලියේ උදෑසන ආගමික වැඩසටහන් අනුව මම හිතුවේ මොහු කතෝලික අයෙක් නොවෙයි කියලා...

:       0       5

Malika Sunday, 06 February 2022 10:01 AM

කාදිනල්තුමනි, ඔය බොරු කතාවලට රැවටෙන්න එපා. එහෙම වුණොත් වෙන්නේ.. රෑ වැටුණු වලේ දවල් වැටෙන්නයි. කාදිනල්තුමනි, ඔබතුමාට දෙවි පිහිටයි.

:       14       10

Jagah Santha Arahchi kittuwa Sunday, 06 February 2022 10:04 AM

තව තව සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු. පුත්තලම දිස්ත්‍රික්කයේ පටන් ගත්තලු එහෙනම්...

:       8       6

de silva Sunday, 06 February 2022 10:32 AM

අපි ඕවාට රැවටෙන්නේ නැහැ. ලබන ඡන්දෙදී කතෝලිකයන්ගේ ඡන්ද ඔබට... කුඩු ලංසාට සහ එතනෝල් ජොනියට නැහැ. අපි පොහොට්ටුවත් සමග ඔබලාත් දේශපාලන කුණු කූඩෙට දානවා.

:       10       15

Don perea Sunday, 06 February 2022 02:40 PM

මෙන්න නියම මිනිස්සු... ඔබගේ අදහසට ගරු කරමි.

:       16       6

පැරකුම්Sunday, 06 February 2022 05:26 PM

එහෙම කියලා මදි.. ඊළඟට කවුද ගේන්නේ කියලත් කිව්වා නම් නේද හොඳ…!

:       3       12

වර්ණකුලසූරිය Sunday, 06 February 2022 11:06 AM

සනත් නිශාන්ත ඇමැතිවරයා කාදිනල්තුමන් ඉදිරියේ මෙසේ ප්‍රකාශ කළත් රටේ සමහර ප්‍රශ්නවලදී තමන්ගේ නායකයින් ඉදිරියේ සිග්නල් කණු බව අපි දකිමු. මේ මොහොතේ හිටපු ජනාධිපතිවරයා මේ සම්බන්ධව වගකිවයුතු බව කීවත් මේ ආණ්ඩුව පිහිටුවීමේදී ඔහු ඒ බව නොදැන සිටියද? ඒ වගේම අනාගතයේ ආණ්ඩු පිහිටුවීමකදී ඔහුට මේවා මතක්වේවිද? අපි ඉතා උතුම් කොට සළකන, ප්‍රතිපත්තියක් මත කටයුතු කරන,ආගමික නායකයෙක් වශයෙන් හැමටම ආදර්ශමත් වෙන කාදිනල් අගරද ගුරුතුමාගෙන් අපි කාරුණිකව ඉල්ලා සිටින්නේ හොරුන්ට කඩේ ගිහින් බඩගෝස්තරය වෙනුවෙන් ඕනෑම පාවාදීමක් කරන දේශපාලකයින් විශ්වාස නොකරන ලෙසයි...

:       9       19

sharm warn Monday, 07 February 2022 10:54 AM

ආ මෙන්න ඇවිල්ලා ඔක්සිජන්... කාදිනල් තුමා රවටන්න එපා. මේ කරන්නේ කතෝලික ඡන්ද පදනම රැකගන්න ව්‍යාපාරයක්... අනේ අපෙන් නම් ඔය කාලකණ්ණි පොහොට්ටුවට කතිරයක් ලැබෙන්නේ නැහැ. දැන්ම කියලා තියන්නම්....

:       8       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site