IMG-LOGO

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි පාර්ලිමේන්තුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ  අවසන් වාර්තාව හා සබැඳි සාක්ෂි සටහන් ඇතුළු සියලුම වෙළුම් ජනාධිපති නීති අධ්‍යක්ෂජනරාල් හරිගුප්ත  රෝහණදීර මහතා විසින් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (22) පෙරවරුවේ බාරදෙනු ලැබීය.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ සෙවීමට පත් කළ පරීක්ෂණ කොමිෂන් සභාවේ  අවසන් වාර්තාව  පාර්ලිමේන්තුවට පසුගිය වසරේ අප්‍රේල් මස 8 වැනිදා බාර දෙනු ලැබූවද  නීතිමය හේතු මත  ඒ හා සබැඳි සාක්ෂි සටහන් හා සලකුණු අනාවරණය නොකෙරිණ.

කොමිසමේදී අනාවරණය කෙරුණු සාක්ෂිද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් කතානායකවරයාගෙන්  එම  වාර්තාව ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදී  ඉල්ලීම් කළහ.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව අනාවරණය කරගත් කරුණු ජනතාව අතරට සන්නිවේදනය විය යුතු  නිසා  පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ වැඩිදුර පරිශීලනය සඳහා ඒවා පාර්ලිමේන්තුවට බාර දෙන ලෙස  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතා නිලධාරීන්ට  පසුව  උපදෙස් දුන්නේය.

අදාළ ලිපිගොනු සාක්ෂි සටහන් පාර්ලිමේන්තුවට ඊයේ  බාරදීම සිදු කෙරුණේ ඒ අනුවය.

 

 

 



අදහස් (3)

පාස්කු ප්‍රහාරයේ සාක්ෂි පාර්ලිමේන්තුවට

Eri Claud Tuesday, 22 February 2022 01:48 PM

මෙය කාපට් එක යටට යයි.

:       0       0

Cisco Tuesday, 22 February 2022 01:54 PM

ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනි, මෙහි තිබෙන සාක්ෂි අපිටත් හරියට කියන්න. මේවා මහජනතාවට පරිශීලනය කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද ඔක්කොම බලන්නේ පාට කණ්ණාඩිවලින්නේ.. එවිට අපිටත් පේන්නේ ඔවුන්ගේ කණ්ණාඩිවල පාටින්මයි. අපේ නිදහස් මනසට හරි දේ ලැබෙන්නේ නැහැ.

:       0       0

fairoos Tuesday, 22 February 2022 04:02 PM

අපරාදෙ සල්ලි... ඊළඟ ආත්මෙදි තමයි දඬුවම් දෙන්න වෙන්නේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 731 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 361 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site