IMG-LOGO

2025 සැප්තැම්බර් මස 16 වන අඟහරුවාදා


‘පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තේරීම් කාරක සභා වාර්තාව නිවැරදි තොරතුරු වසන් කරලා’

(විනීතා එම් ගමගේ)
 
පාස්කු ඉරිදා සිදුකළ බෝම්බ ප්‍රහාරය පිළිබඳ සොයාබැලීමේ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව සම්පූර්ණයෙන්ම නිවැරදි තොරතුරු වසන් කළ හා පළිගැනීමේ චේතනාවෙන් ඉදිරිපත් කළ වාර්තාවකැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ.

එය දේශපාන වශයෙන් ඒකපාර්ශවීය වාර්තාවක් බවත් රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී හා තොරතුරු නිලධාරින් හිතා මතා සිරකිරීමේ වෑයමක් එහි අන්තර්ගතව ඇති බවත් උන් වහන්සේ කීහ.

රතන හිමියන් මේ අදහස් පළ කළේ රාජගිරිය සදහම් සෙවන පැවැති විජය ධරණී ජාතික සභාවේ මාධ්‍ය හමුව අමතමිනි.

විෂය භාර අමාත්‍යවරුන් වන සාගල රත්නායක සහ රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන්ට වාර්තා 25ක් ද, ආරක්ෂක ලේකම් වෙත වාර්තා 96 ක්ද, පොලිස්පති වෙත වාර්තා 131 ක්ද, ජාතික බුද්ධි ප‍්‍රධානීට වාර්තා 45 ක් මෙන්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිට වාර්තා 30 ක් ද ලෙස රාජ්‍ය බුද්ධි අංශ විසින් තොරතුරු ලබාදී තිබුණද රජයේ වගකීම් විරහිත ක‍්‍රියාකලාපය නිසා සහරාන් ඇතුළු නඩයේ ක‍්‍රියාකාරම්  වළක්වාගන්නට බැරි වී ඇතැයි ද උන්වහන්සේ පැවැසූහ.
 
දිගුකාලීන ඉලක්කයක් වන සහරාන්ගේ ප‍්‍රහාරය පිළිබඳ අවශ්‍ය තොරතුරු දී තිබු බැවින් දේශපාලන තීන්දු ගැනීම දේශපාලඥයන්ගේ වගකීම යැයි කී උන්වහන්සේ මෙම පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව පිළිබඳ සොයා බැලීම සඳහා පරීක්ෂණයක් සිදුකරන ලෙස නොවැම්බර් 16 දා ජයගන්නා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමට බලාපොරොත්තු වන බව ද කියා සිටියහ.
 
කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණි පසු පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන පරීක්ෂණයක් පවත්වන බව මේ වනවිටත් පවසා ඇතැයි ද රතන හිමියෝ පැවැසූහ. 
 
පාස්කු ඉරිදා (21) ප‍්‍රහාරයක් එල්ල වන බව 20 වැනිදා හවස ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දී ඇති අතර එම බෝම්බ ප‍්‍රහාරයට පැය කිහිපයකට පෙර ද මේ ගැන දැනුම් දී ඇතැයි ද කී රතන හිමියෝ මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයකැයි ද පැවසූහ.
 
පාර්ලිමේන්තු කාරක සභාවේ වාඩිවූ අය අතර එස්. සුමන්තිරන්, රවුෆ් හකීම්, රවී කරුණානායක වැනි බුද්ධි අංශ සමග වෛරයෙන් පසුවන අය සිටින්නේ යැයි ද රාජ්‍ය බුද්ධි අංශ එකම වගඋත්තරකරු යැයි කියන්නේ මේ පිරිස යැයි ද කී රතන හිමියෝ රාජ්‍ය බුද්ධි අංශ ප‍්‍රධානී පාර්ලිමේන්තුවට කැඳවන්නැයි ද සියලූ මාධ්‍ය කැඳවා සිටිය දී සත්‍යය කුමක්දැයි ඔහුගෙන් විමසන්නැයි ද රජයට යෝජනා කළහ.
 
සමස්ත ආණ්ඩුවම සහරාන්ගේ බෝම්බ සිද්ධියකට වගකිව යුතු යැයි තමන් වෙත දැනට ලැබී ඇති තොරතුරු අනුව පැවසීය හැකි බව ද උන්වහන්සේ කීහ.
 
සහරාන්ගේ බෝම්බය පිපිරී සතියක් යන්නට මත්තෙන් මේ ආණ්ඩුව ගෙදර යන්නට අවශ්‍ය වන බවත් භාරකාර ආණ්ඩුවක් රට පාලනය කළ යුතුව තිබූ නමුත් ආණ්ඩුව කළේ පැමිණිලිකරුවන් විත්තිකරුවන් කරමින් කටයුතු කිරීමකැයි ද උන්වහන්සේ පැවැසූහ.

නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා මෙම විශේෂ කාරක සභාවේ සභාපති ධුරය හෙබ වූ අතර අමාත්‍යවරුන් වන රවුෆ් හකීම්, රවී කරුණානායක, වෛද්‍ය රාජිත සේනාරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, එම්.ඒ. සුමන්තිරන්, නලින්ද ජයතිස්ස, මහාචාර්ය ආශු මාරසිංහ සහ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න යන මහත්වරු කාරක සභාවේ සාමාජිකයෝ ලෙස කටයුතු කළහ.



අදහස් (0)

‘පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන තේරීම් කාරක සභා වාර්තාව නිවැරදි තොරතුරු වසන් කරලා’

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 29101 30


’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 18217 35

රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 11399 7

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 705 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 212 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 862 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site