
(ගයාන් සූරියආරච්චි)
වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා විසින් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් 16 දෙනකුට ස්ථාන මාරු සහ පත්වීම් ලබාදී ඇත.
ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදිය.
ඒ අනුව පොලිස් පරීක්ෂක ආර්.එම්.පී.එම්. බණ්ඩාර මහතා මත්තල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරි සදහා නුගේගොඩ කොට්ඨාසය වෙතත්, පොලිස් පරීක්ෂක ආර්.ඒ.එල්. චතුරංග තංගල්ල පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට මත්තල පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී සදහාත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක යූ.කේ.ඩී.එන්.එම්. ගුණවර්ධන මහතා නීති කොට්ඨාසයේ සිට මානව හිමිකම් කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුර සදහාත් ,ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ආර්.එම්.ඩී.කේ. බී. දුණුවිල ඇල්පිටිය කොට්ඨාසයේ සිට කොස්ගොඩ පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරී සදහාත් පත්කර ඇත.
ඊට අමතරව ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.එච්.සී.කේ. සරත්චන්ද්‍ර වාද්දුව පොලිස ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රජාකාරී සදහා මාතලේ කොට්ඨාසයටත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක ජේ.පී. විතානගේ මාධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ සිට වාද්දුව පොලිස් ස්ථානාධිපති තනතුරේ රාජකාරිය සදහාත් , ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එච්.එස්.ඒ. කරුණාරත්න අධිවේගී මාර්ග කොට්ඨාසයේ සිට අධිවේගී මාර්ග කොට්ඨාසයේ ස්ථානාධිපති තනතුරේ රාජකාරිය සදහාත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එම්.එම්. නජිබ් නින්දවුර් පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට පොලොන්නරුව කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරී සදහාත්, පොලිස් පරීක්ෂක ඒ.ඩබ්.එස්. නිශාන්ත පන්සියගම පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට නින්දවූර් පොලිස් ස්ථානාධිපති ලෙස පත්කර ඇත.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ.පී. රණසිංහ පොත්තපිටිය පොලිස් ස්ථානාධිපති තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සදහා හැටන් කොට්ඨාසයටත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.ඒ. සී. විමලරත්න ගම්පොළ කොට්ඨාසයේ සිට පෙත්තපිටිය පොලිස් ස්ථානාධිපති තනතුර සදාහත්, පොලිස් පරීක්ෂක එම්.එම්.ඩී.එන්.සී. මුරමුදලි ධර්මපුරම් පෙලිස් ස්ථානාධිපති තනතුරේ සිට ගලෙන්බිදුණුවැව පොලිසියේ ස්ථානාධිපති ලෙසත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩී.එම්.එස්.ජේ. දිසානායක ගලෙන්බිදුණුවැව පොලිස් ස්ථානාධිපති තනතරේ සිට ධර්මපුරම් පොලිස් ස්ථානාධිපති ලෙසත්, ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්. ක්‍රෂාන්තන් ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ස්ථානාධිපති පරිපාලන තනතුරේ සිට සාමාන්‍ය රාජකාරී සදහා ජාතකි පොලිස් අභ්‍යාස ආයතනය වෙතත් ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්.එන්.ඩී.පී.සී. ලින්කන් මහතා ජාතික පොලිස් අභ්‍යාවස ආයනයේ සිට ජාතික පොලිස් අභ්‍යාස ආයතනයේ ස්ථානාධිපති තනතුර සදහාත් පත්කර ඇත.
2025 දෙසැම්බර් මස 04
708
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොලිස් ස්ථානාධිපතිවරුන් 16 කට ස්ථාන මාරු
kamal Thursday, 29 May 2025 04:44 PM
මොනදේ කරත් රටේ වෙඩි තැබීම්, අපරාධ වල නම් අඩුවක් වෙලා නැහැ....
රාළහාමි Friday, 30 May 2025 02:06 PM
පොලිස් ඇමැතිට මාරුවක් දෙන්නේ කවද්ද? අතීසාරයට අමුඩේ ගහනවා වගේ වැඩ මේ...