
( ටෝනි කරුණානායක)
බිමත්ව රිය ධාවනය කිරිමේ වරද පැහැදිලි කර එම රියදුරු අත්අඩංගුවට ගැනීමට ගිය පොලිස් නිලධාරීන් ට පහරදිමට තැත් කර පොලිසියේ නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ සැකකරු 27 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන ලෙස මිනුවන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත් චාන්දනී දයාරත්න මහත්මිය අද ( 23) නියම කළාය.
කටුනායක පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ යට ඉදිරිපත් කරන ලද මිගමුව තිබිරිගස්කටුව ප්‍රදේශයේ පදිංචි එන්.ජි.සම්පත් කුමාර නැමැති සැකකාර යතුරු පැදිකරු මෙසේ රිමාන්ඩ් බාරයට පත් කෙරුණි .
කටුනායක පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් අද (23)අලුයම කටුනායක කෝවින්න ප්‍රදේශයේ පිහිටි පාලම අසළ මාර්ග බාධක යොදා වාහන පරික්සා කරන අවස්ථාවේ සැකකරු යතුරු පැදි යකින් පැමිණ ඇති බවත් සැකකරු සන්තකයේ රියදුරු බලපත්‍රය හෝ යතුරු පැදි යට අදාළ බලපත්‍ර කිසිවක් නොතිබු බව පොලිසිය අධිකරණ ය හමුවේ පැවසිය .
සැකකරු බිමත්ව සිටින හෙයින් සැකකරු ට වරද කියාදිඅත්අඩංගුවට ගැනීම ට සුදානම් වු අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින් ට පරුෂ වචනයෙන් බැනවැදි පහරදී මටතැත් කර පොලිස් නිලධාරීන් ව තල්ලුකර පලායාමට තැත්කරමින් එම පොලිස් නිලධාරීන් ගේ රාජකාරියට බාදා කර ඇති බව පොලිසිය අධිකරණ ය හමුවේ වැඩිදුරටත් පැවසිය .
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අයෙක් රිමාන්ඩ්