
ප්‍රංශ අග්‍රාමාත්‍ය ගෙබ්‍රියෙල් අතාල් සිය ධුරයෙන් ඉවත් වන බව නිවේදනය කළේය. 35 හැවිරිදි අතාල් ප්‍රංශ අග්‍රාමාත්‍ය ධුරයට පත්වුණු ළාබාලතම පුද්ගලයාය.
අතාල් මෙසේ පැවැසුවේ, එරට පාර්ලිමේන්තු මැතිවරණයේ දෙවැනි වටයෙන්, ‘පොපියුලර් ෆ්‍රන්ට්’ නමැති වාමාංශික දේශපාලන සන්ධානය ප්‍රංශ පාර්ලිමේන්තුවේ වැඩි ආසන සංඛ්‍යාවක් දිනා ගැනීමත් සමඟය.
ප්‍රංශ පාර්ලිමේන්තුවේ පළමු වටය පැවැත්වූයේ පසුගිය ජූනි 30 වැනිදාය. එයින් වැඩි ආසන දිනා ගනිමින් ඉදිරියට පැමිණියේ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ ප්‍රතිවාදිනියක වන මරීන් ල පෙන්ගේ අන්ත දක්ෂිණාංශික ‘නැෂනල් රැලි’ පක්ෂයයි. එම අවස්ථාවේදී කිසිදු පක්ෂයකට පාර්ලිමේන්තුවේ බහුතරය හිමි නොවිණි.
මැතිවරණයේ දෙවැනි වටය පසුගිය සති අන්තයේ පැවැත්වුණු අතර, එයින් ‘පොපියුලර් ෆ්‍රන්ට්’ අන්ත වාමාංශික දේශපාලන සන්ධානය ජයග්‍රහණය කළේ කවුරුත් පුදුමයට පත් කරමිණි.
ප්‍රංශයේ ප්‍රධාන වාමාංශික පක්ෂ එක් වී ‘පොපියුලර් ෆ්‍රන්ට්’ නමින් සන්ධානයක් පිහිටුවා ගැනීම කළේ මැතිවරණයට මාසයකට පෙරය. ‘පොපියුලර් ෆ්‍රන්ට්’ සන්ධානයට නායකත්වය දෙන්නේ 72 හැවිරිදි ජෝන් ලූක් මෙලෙන්කොන්ය.
පළමු වටයෙන් හෝ දෙවැනි වටයෙන් කිසිදු පක්ෂයකට නිවම බහුතර බලයක් හිමි කර ගැනීමට හැකියාවක් ලැබී නැත. මහ මැතිවරණයේ දෙවැනි වටයේ ඡන්ද ප්‍රතිඵල නිකුත් වෙද්දී පළමු තැන ‘පොපියුලර් ෆ්‍රන්ට්’ සන්ධානයටත්, දෙවැනි තැන ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්ගේ මධ්‍යස්ථමතධාරී ‘ඔන්සෙම්බ්ලේ ඇලියොන්ස්’ සන්ධානයටත්, තෙවැනි තැන ‘නැෂනල් රැලි’ පක්ෂයටත් හිමිවිය. ‘පොපියුලර් ෆ්‍රන්ට්’ වාමාංශික සන්ධානය දිනාගත් ආසන ගණන 182 කි. මැක්රොන්ගේ මධ්‍යස්ථමතධාරීන් ආසන 163 ක් ද අන්ත දක්ෂිණාංශික ‘නැෂනල් රැලි’ පක්ෂය ආසන 143 කි.
‘පොපියුලර් ෆ්‍රන්ට්’ සන්ධානය පාර්ලිමේන්තුවේ වැඩි ආසන දිනා ගැනීම, අණ පනත් සම්මත කර ගැනීමේ දී සහ තීන්දු තීරණ ගැනීමේ දී ජනාධිපති 46 හැවිරිදි මැක්රොන්ට ගැටලුවක් වෙයි. අතාල් අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබුවේ ද මැක්රොන් විසිනි. අතාල් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව නිවේදනය කළේ මේ නිසාය. අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත් වුවත් දිගටම ජනාධිපති මැක්රෝනගේ සහායට සිටින බව ඔහු පවසා ඇත.
(ඒ.එෆ්.පී.)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ප්‍රංශ අගමැති අතාල් ධුරයෙන් ඉවත් වෙයි
Thushara Monday, 08 July 2024 12:39 PM
ආතල් මෙහෙට එන්න මෙහෙ ආතල්...
සමන් විමල් Monday, 08 July 2024 02:34 PM
තිස්පස් හැවිරිදි අග්‍රාමාත්‍යවරයා පරදා හැත්තෑ එක් හැවිරිදි පුද්ගලයෙක් දිනුම්. ලංකාවේ නම් නාකි එළවලා දාන්නේ...
sam Tuesday, 09 July 2024 09:42 AM
ලංකාවේනම් දුම්මල ගහලා උද්ඝෝෂණ තියලා ,මිනිස්සු වර්ජනය කරලත් යන්නේ නම් නැහැ.හේතුව දන්නවානේ තනතුරේ තියන නානාප්‍රකාර ගනුදෙනු සහ ඒවායින් ලැබෙන සුවිශාල වාසි