(බණ්ඩාර ජයරත්න සහ ශාන්ත පී. බණ්ඩාර)

‘‘ඒහිපස්සිකෝ‘‘  සාම පාගමනේ සිවු වැනි දිනය වූ  (25) දින උදෑසන මාවනැල්ල ඓතිහාසික බෙලිගම්මන පොත්ගුල් විහාරස්ථනය පැවැති ආගමික වතාවත්වලින් අනතුරුව පෙරවරු 7.10 ට පමණ බෙලිගම්මනින් ආරම්භවි මාවනැල්ලේ නඟරය, උතුවන්කන්ද , කරඬුපන, කෑගල්ල, ගලිගමුව , බල්ලපාන පසුකර කිලෝමීටර් 29 ආසන්න දුර ගෙවා තෝලංගමුව රාජමහා විහාරස්ථනයේ ය බලා වැඩම කිරිමට නියමිතව ඇත.

මාවනැල්ල නඟරයෙදි සාම පාගමන වැඩම කරන  අවස්ථාවේදී සාමය සමගිය සංකේතවත් කරමින් මුස්ලිම් ජාතිකයින් පිරිසක් හා පාගමනේ වැඩමකර භික්ෂුන් වහන්සේලා එක්ව පරවියෙක් නිදහස් කළහ.