IMG-LOGO

ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි කරන්න අනුමැතිය

(ඩයනා උදයංගනී)

අන්තර් පළාත් බස් සේවාවන් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ද හෙට (8) සිට ක්‍රියාත්මක කරවීමට සෞඛ්‍ය අංශවල අනුමැතිය අද (7) හිමිවූ බවත්, ඒ අනුව හෙට සිට සියලු පොදු ප්‍රවාහන සේවා සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවත් මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ඒ අනුව සෞඛ්‍ය අංශ ලබා දී ඇති උපදෙස් අනුව සියලු පොදු ප්‍රවාහන සේවා හෙට (8) සිට සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.


දුම්රිය සහ බස්රථවල ආසන සංඛ්‍යාවට පමණක් මගීන් ප්‍රවාහනය කිරීම අනිවාර්ය කර ඇති අතර ගමන් ගන්නා සියලු දෙනා මුව ආවරණ පැළඳ ගමන් කළ යුතු බව ද අමාත්‍ය අමරවීර මහතා ප්‍රකාශ කළේය.

පොදු ප්‍රවාහන සේවාවන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සහ ප්‍රවාහන සේවාවන්ට අදාළ පාර්ශව අතර හෙට (8) දිනයේදී පැවැත්වීමට නියමිත බව කී අමාත්‍යවරයා එහිදී ජනාධිපතිවරයා ලබාදෙන උපදෙස් අනුව මතුවන ගැටලු මගහරවමින් ඉදිරි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බව ද පැවසීය.


සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදෙස් අනුව ආසන සංඛ්‍යාව අනුව පමණක් මගීන් ප්‍රවාහනය කිරීමේදී දැනට පවතින ලංගම හා පෞද්ගලික බස් රථ ප්‍රමාණවත් නොවන බැවින් විකල්පයක් ලෙස සංචාරක සේවා බස්රථ මෙන්ම දැනට ලියාපදිංචිය සඳහා පොරොත්තු ලේඛනයේ ඇති බස් රථ ද මගී ප්‍රවාහනය සඳහා තාවකාලිකව ලියාපදිංචි කිරීමට පියවර ගෙන තිබෙන බව ඇමති අමරවීර මහතා සඳහන් කළේය.

එම තාවකාලිකව ලියාපදිංචි කරන බස් රථ අවශ්‍යතාව අනුව පමණක් ධාවනයට යොදවන ලෙස තමන් ගමනාගමන කොමිසමට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා පැවසීය.
 



අදහස් (3)

ප්‍රවාහන සේවා හෙට සිට සාමාන්‍ය පරිදි කරන්න අනුමැතිය

සමිත සේනක අලුත්ගමගේ. Sunday, 07 June 2020 04:12 PM

ඇත්තටම, පොල්පටවන්නා සේ පටවාගෙන, කිටිකිටියේ මිරිකි මිරිකී, වවුලන් සේ එල්ලාගෙන මිනිසුන් ගෙනගිය හැටි මතක්වෙන විට කොරෝනා බස්කාරයින්ව මෙල්ල කළ හැටි මහා පුදුමයක්. බස්ගැමුණු ඇතුළු ප්‍රයිවට් බස්කාරයින්ටත්, සීටීබී එකටත් ලැබී තිබුණේ මගීන් හා ආණ්ඩු පාලනය කිරීමේ ප්‍රබල ආයුධයක්... එය කොරෝනා උදුරා ගත්තා. දැන් රජයන් දණගස්වන්න බස් කාරයින්ට බැහැ. ඉදිරියේදී ඉඩදිය යුතුත් නැහැ. බස්වල ඒකාධිකාරය බිඳ ත්‍රීරෝද රථ මෙන් කැමැති ඕනෑම කෙනෙකුට නීතිවලට එකඟව මඟී ප්‍රවාහනයට ඉඩ ලබාදිය යුතුය. බස් මාෆියාව නැතිකොට මගීන්ට හිතැති බස් සේවයක් ඇතිකිරීම අගනා සම්පතක් වන්නේය.

:       0       82

chaminda Sunday, 07 June 2020 04:59 PM

ලංගම බස්...

:       0       0

අබිලින් Monday, 08 June 2020 12:58 AM

මෙතෙක් කොළඹ දිස්ත්‍රික්කයට ඇතුල්වීම තහනම්ව තිබුනා. අද සිට පුද්ගලික වාහන වලිනුත් කොළඹ හා ගම්පහ දිස්ත්‍රික්ක වලට ඇතුල්වෙන්න පුළුවන්ද පැහැදිලි කරන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 30 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 623 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 341 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site