
(දිනේෂ් උපේන්ද්‍ර)
කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි ජනගහනය පැහැදිළි අඩුවක් දක්නට ඇතැයි ශ‍්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අමින්ද මෙත්සිල පෙරේරා මහතා පවසයි.
මේ හේතුවෙන් ශ‍්‍රම බලකායට මෙන්ම සමාජ ප‍්‍රගමනයට එය බාධාවක් වී දිළිඳු ග‍්‍රාමීය කාන්තාවන්ට විවාහයන් පවා අහිමිවිය හැකි බව අමින්ද මහතා පැවැසීය.
සංඛ්‍යා ලේඛන විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව අමින්ද මහතා මෙසේද පැවසීය.
1995 වසරේදී කාන්තාවන් සිය දෙනකුට පිරිමින් 100.2ක් බවට තොරතුරු තිබුණත් 2024 වසරේදී එය කාන්තාවන් සියයකට පිරිමින් 93.7ක් බවට අඩු වෙලා.
කාන්තාවන්ගේ උපත් වැඩිවී තිබෙනවා. එහෙම වෙන්නෙ කාන්තාවන්ගේ ආයු අපේක්‍ෂාව වැඩියි. තරුණ පිරිමින් විදෙස්ගතවන ප‍්‍රවණතාව දිනෙන් දින වැඩි වෙලා. දරුවන් ලැබීමේ සාපල්‍යතාවය අඩුවෙලා. එ උපත් වලිනුත් බහුතරයක් කාන්තා උපත්.
අද විශ්ව විද්‍යාලයක ගත්තත් ඉංජිනේරු පීඨ හා තාක්‍ෂණික පිීඨවල හැරුණුකොට සෙසු සියල්ලන්ගෙම කාන්තා ප‍්‍රතිශතය වැඩියි. මේ අසමතුළිතතාවය ජාතික ශ‍්‍රම බලකායට තදින්ම බලපානවා. මොකද ඇතැම් රැකියාවන් පිරිමින්ට ආවේණික ඒවා. ඉන්න පිරිමින්ගෙන් බහුතර පිරිසක් විධායක ශ්‍රේණියේ රැකියාවලට යනවා. එදිනෙදා කටයුතු වලට කවුරුත් නැහැ.
කාය ශක්තිය ගත්තත් පිරිමි අයට වැඩියි. එසා මේ අඩුවීම ශ‍්‍රම බලකායට ඍජුවම බලපාන්නවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද කාන්තාවන් ඵකට හොඳ පිළියම් හදාගෙන නිවසින් බැහැරවෙලා කුලී නිවාසවල ඉඳගෙන පිරිමි දෙතුන් දෙනෙක්ගෙන් යැපෙනවා ගුටි කනවා මරාගෙන මැරෙනවා. සතුටින් ඉන්නවා ලෝකෙට පේන්න වීදුරුවක් දෙකක් කටට හලාගෙන...
ආන්න දැං ඉතිං එයාට ගෑනු දෙන්න දෙන්න ගන්න අවස්ථාව දුන්නා නම් ඕක ගොඩදාන්න පුළුවන්...
ඕකෙන් ඇතිවන කාන්තා අසහනය තුරන් කිරීමට බහුභාර්යා ක්‍රමවේදයක් ඇතිකළ යුතුයි.
ඉන්න පිරිමිත් සමලිංගිකයෝ වෙන ප්‍රවණතාවය වැඩියි.
උපතේදී ආයු ආපේක්ෂාව වැඩි වීම කාන්තා උපත් අනුපාතයට බලපාන්නේ කොහොමද? මොකද කොච්චර කල් ජීවත් වුණත් කාන්තාවන්ට දරුවන් ලැබෙන්නේ සාඵල්‍යතා කාලයේදී. අනික කාන්තාවන් පිරිමින්ට වඩා සංඛ්‍යාත්මකව වැඩි වුනේ මීට දශක ගණනාවකට පෙර. ඒ වගේම අද දොඹකර ක්‍රියාකරවන, ගුවන් නියමු වැනි රැකියා වලත් කාන්තාවන් ඉන්නවා. හුදෙක් ජන හා සංඛ්‍යා ලේඛන ඉලක්කමක් දෙස බලා ගැඹුරින් විශ්ලේෂණයක් නොකර ඇයි මෙවැනි අදහස් සමාජගත කරන්නේ?
කාන්තාවන්ගේ උපත් වැඩි වෙලා නෑ. උපත් සම්බන්ධ සංඛ්‍යා ලේඛන අනුව කාන්තාවන්ට සාපේක්ෂව පිරිමි උපත් වැඩියි. මෙතැන වෙන්නෙ පිරිමි වයස අඩුවෙන් අකල් මරණ වලට වැඩිපුර ලක්වීම.
හොද වැඩේ.....ගෑනු දරුවො වදන්නෙ නැතිනම් බර වැඩට පලයව්.....
දශක හතක දූෂිත පාලනයට කඩේයන බත්කන ගවයන් අඩුවෙලාද?
ආම වාතයක් ගියත් දේශපාලනය ගාවගන්න මන්ද මානසිකයන් සිටිනවා. කර්ම කර්ම ඵල අනුව සැලකුවොත් අධික ස්ත්‍රී ලෝලීව මිය යන පිරිමින් නැවත උපදින්නේ ගැහැණු වෙලා. ඉතින් ලෝකයේම කාන්තා ගහණය වැඩි වෙනවා. ඒක තමයි ස්වාභාවික න්‍යාය.
මාර වැඩේ නෙ ! දැන් ඉතින් ලව් කරන්න කොල්ලෙක් හොයාගන්න එක නම් ෂුවර් නෑ... හරියට කළුනික හොයනවා වගේ... අති දුර්ලභ, වඳවී යන සත්ව කොට්ඨාශයක් වගේ වෙයිද, ලංකාවේ පිරිමි සංහතියත්? ඔහොම ගියොත්, ලුණු පොල් කට්ට පිටරටින් ගෙනාවා වගේම, අපේ ගෑණු පරාණ සඳහත් පිටරටින් කොල්ලන්, නැව් පිටින් ආනයනය කරන්න සිදු වේවිද? පව් ... අනේ... පව් !
Jvp කැරැල්ලෙන් කොල්ලො 60000ක් මැරුන.LTTE යුද්දෙන් දෙපැත්තෙම් 1,00,000ක් විතර මැරුන අබ්බගත උනා.තවපිරිසක් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවෙල.තව පිරිසක් මහනවෙල.තවත් පිරිසක් රට දාල ගිහිල්ල. අවිවහක කාන්තාවන් වැඩිවෙල.
ඒ දවස් වල නාමල් බේනිගෙ ජොබ් එක ඕකනෙ. ගමද තරුනියන් ද දූශනය කරන එකා. සල්ලි තියෙන කට්ටිය කැමත්තෙන් ගියා. පිටරට සවාරිත් ඒවාට ඇතුලත්. උන් සේරම වද වෙන්න ඇති. නාමල් බේබි දැන් ඉස්සර කරන් ගියාට දරුවව ඒ ලමයත් වෙන කාගෙද.
රටේ සියලුම පුරවැසියන් සදාචාරාත්මකව යුග දිවියට පත් විය යුතුයි. මෙය උතුම් මනුස්ස කොට්ඨාසයට ආවේනික වූ ස්වභාවයෙන්ම පිහිටුවන ලද්දක්. මේ තුළින් යහපත් දරු පරම්පරාවක් රට තුළ බිහි කළ යුතුයි. මෙතනදී ගැටලුව වන්නේ පිරිමින්ගේ ප්‍රතිශතයට වඩා කාන්තාවන්ගේ ප්‍රතිශතය ඉහළ යාමයි. උපත් අනුපාතය පිරිමින් හා කාන්තාවන් බොහෝ දුරට ත් සමාන වුව ද, නානාවිධ හේතූන් කරගනිමින් පිරිමි මරණ අනුපාතය කාන්තාවන්ට සාපේක්ෂව ඉහළ අගයක් ගනියි. තවද කාන්තාවන්ගේ ආයු කාලය පිරිමින්ට වඩා වැඩි මට්ටමක පවතී. එහෙත් මෙම අභියෝගයට අනිවාර්යෙන්ම මුහුණදීම අපේ පැවැත්ම තහවුරු කරයි. මෙය නිසියාකාරව අධ්‍යයනය කරමින් විකල්ප ක්‍රමවේද සඳහා අපි අනුගත විය යුතුයි . මෙහිදී ඉස්ලාම් දහම හඳුන්වන එක් විකල්පයක් වනුයේ, බහුභාර්යා විවාහයයි. මෙහිදී ඔවුන්ව රැකබලා ගැනීම පිරිමියාගේ ඒකායන යුතුකමක් බවත් දේව සුපරීක්ෂණය මත හිඳිමින් විවාහක කාන්තාවන් තුළ සමාන නීතිය, අයිතිවාසිකම් හා ආර්ථික තත්ත්වයන් තුළ කටයුතු කිරීමට හැකියාවක් හා සුදුසුකමක් වෙතොත් එවන් පිරිමියෙකුට අඩු වශයෙන් කාන්තාවන් දෙකක් සරණ පවා ගත හැක. මෙය එක් විකල්පයක් ලෙස මම අදහස් කරමි.