IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


පරිපාලන සේවා සංගමයත් සටනට සැරසෙයි

(යොහාන් භාසුර)

දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම් වගකිව යුතු වෘත්තීය සංවිධානයක් ලෙස ක්‍රියාමාර්ගවලට එළඹෙන බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සභාපති රෝහණ ද සිල්වා මහතා අද (8) පැවසීය.

අරගලකරුවන් සමඟ සෘජුවම එයට සහභාගි වීමට නොහැකි වුවද පරිපාලන සේවා සංගමය ඔවුන්ගේ මතය පිළිගන්නා බව කී සභාපතිවරයා වර්තමාන ආණ්ඩුව පිළිබඳව දේශීයව සහ ජාත්‍යන්තර වශයෙන් ද පිළිගැනීමක් නොමැති බව ද සඳහන් කළේය.

දේශපාලඥායන්ට ජනතාව චෝදනා කරන විට ඔවුන් රාජ්‍ය නිලධාරීන්ට චොද්නා කිරීම ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා හෝ ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය පත්කළ පුද්ගලයන් හරහා රාජ්‍ය තන්ත්‍රයේ දූෂණ ක්‍රියාවලින් සියයට 99 ක්ම සිදුවන බවත් සභාපතිවරයා කීය.

අමාත්‍යවරයාගේ හෝ වෙනත් දේශපාලඥායකුගේ පිළිගත නොහැකි යෝජනාවලට අස්සන නොතබා සිටීම සඳහා රාජ්‍ය සේවය ස්වාධීන කළ යුතු බව කී සභාපතිවරයා සඳහන් කළේ වැරදි කරන නිලධාරීන් වෙනුවෙන් එම සංගමය පෙනී නොසිටින බවත්ය.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජ්‍ය සභාපති රංජිත් ආරියරත්න මහතා පැවසුවේ පරිපාලන සේවා සංගමය මීට මාස කීපයකට පෙර රට අරාජික වුවහොත් එල්ල බලපෑම තක්සේරු කර ආණ්ඩු පක්‍ෂයේ සහ විපක්‍ෂයේ සියලු දෙනාට යෝජනවාලික් ඉදිරිපත් කළ ද අවාසනාවකට රජය ඒ පිළිබඳව කිසිඳු තැකීමක් නොකළ බවත් එළියට එන 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පුස්ස බින්දා වැනි එම සංගමය යොුමු කළ කරුණු කිසිවක් සළකා නොමැති එකක් බවත් රජ්‍ය නිධාරීන්ට ඇමතිවරයාගේ විධානය අනුව කටයුතු කරන පිරිසක් වීම නිසා චෝදනාවට ලක්ව ඇති බවත්ය.

වර්තමානය වන විට රට තුළ ප්‍රතිපත්තයක් නැතිකම ප්‍රතිපත්තියක් බවට පත්ව ඇති බව කී ආරියරත්න මහතා  ආණ්ඩුව සාධනීය යෝජනා අවධානය යොමු නොකර බලය රැකගැනීමට කටයුතු කරමින් සිටින බවත්ය.  

අරගල භූමියට ගිහින් අරගල කිරීමට නොහැකි වුවත් ආණ්ඩුව ගමන් මාර්ග වෙනස් නොකරන්නේ නම් ඉදිරියේදී අගලකරුවන් සමඟ ඉදිරියට ඒමට සිදුවන බවත් මහජන ඉල්ලා සිටින ජාතික මට්ටමේ සහ ජාත්‍යන්තර වශයෙන් පිළිගත හැකි රජයක් බිහිකර රට වත්මාන තත්වයෙන් මුදාගැනීමට වාහා පියවර ගත යුතු බවත් ආරියරත්න මහතා කීය.

අරගලයට සෘජුව සහය නොදැවුව ද ඒ මතය බැහැර නොකරන බව කී රංජිත් ආරියරත්න මහතා රජය මහජන මතයට ඇහුම්කන් නොදෙන්නේ නම් ක්‍රියාමාර්ගවලට යොමු වීමට සිදුවන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජ්‍ය සභාපති ධම්මික මුතුගල මුතුගල මහතා පැවසුවේ ජනතාව සියදහස් ගණනක් ඉන්ධන ලබාගැනීමට පෝලිම්වල රැදීසිටීම නිසා කොළඹ ප්‍රධාන මහා මාර්ග අවහිර වී මිනිසුස් මහ මාර්ගවල ඇද වැටිලා මැරෙන තත්වයක් තුළ ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පාර්ලිමේතුවේ කථා කරමින් සිටි බවත් ජනතා හඩට ඇහුම්කන් නොදෙන්නේ නම් පරිපාලන නිලධාරීන්ට ද පාරට බැසීමට සිදුවන ඇති බවත්ය.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කොළඹදී අද (8) විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එම අදහස් පළ කළේය. 



අදහස් (5)

පරිපාලන සේවා සංගමයත් සටනට සැරසෙයි

naleen Friday, 08 July 2022 04:08 PM

අපි නොදන්නා අති සාර්ථක පරිපාලන සේවය. මේ රට මේ තත්වයට පත්වීමට වගකිව යුතු අනික් හොර රැළ...!

:       5       17

Prabath Friday, 08 July 2022 04:59 PM

ඔබලා තමයි රට කෑවේ... මෝඩ උපදෙස් දීලා.. දැන් එනවා තවත් සේෆ් තියරි දාගෙන... මඩිය තරකරගන්න.

:       6       15

chandima Friday, 08 July 2022 08:03 PM

ඈතට වෙලා ඉන්නෙ වැඩේ බකල් උනොත් ආයෙත් ඉන්න කට්ටියටම මුස්ටිය අල්ලන්න වෙන්න අති?

:       0       0

amila Friday, 08 July 2022 10:31 PM

මේ ගොල්ලෝ නම් දෙපැත්තම අල්ලගෙන ඉන්න හදන්නේ...?

:       0       0

Nadee Saturday, 09 July 2022 06:55 AM

දේශපාලනයට හොරාකන්න කියලා දීලා ඒවා වහගන්න දැන් බොරු කියන මහ හොර රැළ... රටට මෙහෙම වුනේ නුඹලාගේ වැඩ නිසා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 109 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 896 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site