IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


‘පරිප්පුවා‘පනී:ගෝලයෝ මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සංවිධානාත්මක අපරාධ කරුවකු වන  "වැල්ලම්පිටියේ අමල් නොහොත් පරිප්පුවා" නැමැත්තාගේ  ගෝලයන් සිව්දෙනෙකු  තියුණු ආයුධ සමඟ කැලණිතිස්ස වේරගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි 

ඒ අතර  "ඉන්නම්බි" නමැති අපරාධකරු ද සිටින බව පොලීසිය සඳහන් කරයි

සැකකරුවන් සන්තකයේ තිබී කඩු හතරක් උල් පිහි දෙකක් පොලිසිය භාරයට ගෙන ඇත 

පරිප්පුවා නැමැති සංවිධානාත්මක අපරාධකරු  තවත් පුද්ගලයන් සිව් දෙනෙකු සමඟ කිසියම් අපරාධයකට යමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයට ලද රහසිගත තොරතුරක් අනුව  වහා ක්‍රියාත්මක වූ එම ඒකකයේ නිලධාරීන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට සමත්වී ඇත 

සැකකරුවන් පැමිණෙමින් සිටි  වේරගොඩ ප්‍රදේශය වැටලීමේදී එම කණ්ඩායම මෙහෙයවූ බව කියන පරිප්පුවා නැමැති  සංවිධානාත්මක අපරාධ කරු පලා ගිය බව පොලිස් නිලධාරියෙක් පැවැසීය 

මිනීමැරුම්, මුදල් බලෙන්  ලබා ගැනීම් සහ කොල්ලකෑම් රැසකට චෝදනා ලැබූවෙක් වෙන  පරිප්පුවා නැමැති සංවිධානාත්මක අපරාධ කරු ට එරෙහිව නඩු ගණනාවක් අධිකරණ කීපයක විභාග වෙමින් පවතින බව පොලිසිය සඳහන් කරයි 

අත්අඩංගුවට ගත් සැකකරුවන්ද විවිධ චෝදනා ලැබූ වන් බවත් පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ  සෘජු අධීක්ෂණය යටතේ කොළඹ අපරාධ කොට්ඨාසයේ වැඩබලන අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  කේ එම් සි එස් කුමාරසිරි උප පොලිස් පරීක්ෂක බණ්ඩාර ,පොලිස් කොස්තාපල්වරුන් වන 88139 ලසන්ත ,91282 ජයවර්ධන 91691 චතුරංග 1117 මධුමාල,3122 උදයංග 11509 චතුරංග 97134 අමල් 97143 ජයලාල් 94757 මානවසිංහ මහත්තුරු පරීක්ෂණ පවත්වයි 



අදහස් (0)

‘පරිප්පුවා‘පනී:ගෝලයෝ මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 883 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 380 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site