(රෝෂන් තුෂාර)
ශ්‍රී ලංකා මහබැංකු භාණ්ඩාගාර බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩුවක් කළේ යැයි කියන සැකකාර පර්පචුවෙල් ට්‍රෙසරිස් සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය අද (07)නියෝග කළාය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ විශේෂ විමර්ශන ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය .
2015 පෙබරවාරි 27දින සිදුකළ පළමු මහ බැංකු බැඳුම්කර නිකුතුව මගින් රජයට රුපියල් මිලියන 688කට අධික පාඩුවක් සිදු කිරීමට එරෙහිව සිදු කරන විමර්ශනය සම්බන්ධයෙන් මෝෂමක් ගොනුකරමින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබිණි.
මහා බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් නම දෙනෙකුට එරෙහිව මෙම විමර්ශනය සිදුකරනන අතර පර්පර්චුවල් සමාගම එම විමර්ශනයේ තුන්වෙනි සැකකරු ලෙස නම් කර ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සැකකාර සමාගම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විස්තර වාර්තා කැඳවීමට අවසර ලබා දෙන ලෙසය.
ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අදාළ නියෝගය නිකුත් කරමින් විමර්ශන ප්‍රගතිය කඩිනමින් අධිකරණයට ඉදිරිපත් කරන්නට නියෝග කළාය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
පර්පචුවෙල් සමාගම ගැන මහ බැංකුවෙන් වාර්තාවක් කැඳවයි