IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ප්‍රතිසංස්කරණයට එහා ගියා පුළුල් පරිවර්තනයක් අවශ්‍යයි

(යොහාන් භාසුර)

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් කිරීම අවශ්‍ය බවත් පෞද්ගලික උපාධි ආයතන නියාමනය කරන නිසි ක්‍රමවේදයක් සකස් කළ යුතු බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන, වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එහා ගිය පුළුල් පරිවර්ථනයක් ජනතාව ඉල්ලා සිටින බවත්, පාසල් අතර පවතින පරතරය නැති කළ යුතු අතර පෞද්ගලික උපාධි ආයතන නියාමනය සඳහා ක්‍රමවත් වැඩපිළි වෙලක් අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරිය කීවාය.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයට අනුබද්ධ ආයතන වන ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය, ජාතික අධ්‍යාපන කොමිසම, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශය යන ආයතනවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරිය එසේ පැවසුවාය.

පාසල් අතර පරතරය නැතිකිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරිය රැකියාවකට එහා ගිය ජාතික වගකීමක් ලෙස සලකා කටයුතු කරන ලෙසද නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය.

කන්නන්ගර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සමග සිදු වූ අධ්‍යාපන විප්ලවයට එහා ගිය පුළුල් අධ්‍යාපන පරිවර්තනයක් අවශ්‍ය බවත්, එය ඉටු කිරීමට වත්මන් රජය බැදී සිටින බවත් අග්‍රාමාත්‍යවරිය අවධාරණය ක⁣ළාය. වංචනික උපාධි ආයතන වලින් දරුවන් ආරක්ෂා කර ගැනීමත්, ඒ සඳහා වන නෛතික රාමුව සහ රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනයන් හි ගුණාත්මක භාවය ඉහල නැංවිය යුතු බවත් ඇය පැවසුවාය.

මෙම අවස්ථාවට අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව, මීපේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් කමල් පත්මසිරි, රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන අංශයේ අතිරේක ලේකම් චන්දිමා ජානකී , ජාතික අධ්‍යාපන කොමිසමේ සභාපතිනී පද්මිණි රණවීර යන මහත්ම මහත්මීහු ඇතුළු එම ආයතනවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.



අදහස් (3)

ප්‍රතිසංස්කරණයට එහා ගියා පුළුල් පරිවර්තනයක් අවශ්‍යයි

සෙනෙවිරත්න Friday, 20 December 2024 11:32 AM

මේ ගැන අවධානය යොමුවීම සතුටුයි. මෙය මේ රජයට හැර කළ හැකි රජයක් මේ බිමේ පහළ නොවනු ඇත. එදා ටිරාන් අලස්ගේ පියා ආරම්භ කළ පෞද්ගලික පාසල්වල අද තත්වය සාර්ථක ද නැත්නම් අය කිරීම් සාධාරණ ද කියල බලන්න.

:       3       4

Gamini Friday, 20 December 2024 07:16 PM

අම්මෝ වචනවල ලොකු... ඒත් වැඩ තවම පුස්සක්...

:       0       2

pj Saturday, 21 December 2024 08:29 AM

පළමු පියවර වශයෙන් මේ 69 ලක්ෂය නැවත පාසල් යවා හෝ රටට ගැලපෙන පරිදි පරිවර්තනය කළයුතුව ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site