(ඩී.ජී. සුගතපාල)
පරිගණක මූල්‍ය වංචා සිදු කිරිම සම්බන්ධයෙන් විදේශිකයන් අට දෙනෙක් අද සවස අත් අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
අත් අඩංගුවට ගෙන ඇති විදේශිකයන් අතර චින ජාතිකයන් හය දෙනකු කසකස්ථාන ජාතික පිරිමි පුද්ගලකු සහ කාන්තාවක්ද වන බව පොලිසිය සඳහන් කරයි.
ඔවුන් සන්තකයේ තිබි ලැප්ටොප් පරිගණක නමයක් ජංගම දුර කතන 73ක් සහ තිරු බදු රහිතව නිති විරෝධි ලෙස මෙරටට ගෙන්වන ලද විදේශිය සිගරට් තොගයක්ද අත් අඩංගුවට ගෙන ඇත.
ගාල්ල පොලිසියට ලැබුන තොරතුරක් අනුව මාගාල්ලේ පිහිටි පුද්ගලික සංචාරක නිකේතනයක් වටලා මෙම පිරිස අත් අංගුවට ගෙන ඇත.
COMMENTS