(තිලකරත්න දිසානායක)

ගම්පහ දිස්ත්‍රික්කයෙන් අද (22)  උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල කොරෝනා ආසාදිතයින් 499 දෙනෙකු හමුව ඇති බවත් මින් 77 දෙනෙකු වන වැඩිම පිරිසක් බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 

මේ අනුව කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 59,516 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර ගතවූ පැය 24 ක් තුල දිස්ත්‍රික්කයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයන්ට ඇතුලත් කොට ඇති ආසාදිතයින් සංඛ්‍යාව 461 දෙනෙකි. මින් 128 ක් වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලටත් , ආසාදිතයින් 91 දෙනෙකු වැරැල්ලවත්ත අතරමැදි මධ්‍යස්ථානයටත් ඇතුලත් කොට ඇත.

පැය 24ක් තුල කොරෝනා ආසාදිතයින් බවට සැක කෙරෙන රෝගීන් 59 දෙනෙකු රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත.

එම කාලය තුල  දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් අනුව ආසාදිතයින් හමුවීම ජාඇල  - 67 ක්,  වත්තල  - 63 ක්, මිනුවන්ගොඩ  - 50 ක්, කැලණිය  - 42 ක්,  අත්තනගල්ල  - 40 ක්,  මීරිගම  - 33 ක්,  මහර  - 30 ක්,  ගම්පහ -  27 ක්,  දොම්පෙ  - 23 ක්, දිවුලපිටිය  - 16 ක්,  සීදූව  - 11ක්,  රාගම  - 10 ක්,  කටාන  - 6 ක් සහ මීගමුව සිව් දෙනෙකු වශයෙන් සිදුව ඇත. 

ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් 12,348 දෙනෙකු නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන තිබෙන බවද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය  සඳහන් කරයි.