
(බී.ජි. චතුරංග)
අනුරාධපුර නව නගරයේ කුම්බිච්චංකුලම වැව අසල පිහිටි ළමා උද්‍යානයේ ඉදිරිපිටදී අද (30) දහවල් තම පෙම්වතියට තියුණු ආයුධකින් ඇන බර පතල තුවාල සිදු කල පුද්ගලයෙකු, උල් පිහියක් සහ වස බෝතලයක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, අනුරාධපුර නගරයේ මූල්‍ය ආයතනයක සේවය කරමින් සිටි, එප්පාවල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
සිද්ධියෙන් බරපතල තුවාල ලබා ඇත්තේ, එප්පාවල ප්‍රදේශයේම පදිංචි 25 හැවිරිදි තරුණියකි.
මෙම සිද්ධිය දුටු පිරිසක් වහා ක්‍රියාත්මක වී පහර දීම සිදු කරමින් සිටි පෙම්වතා බව කියන පුද්ගලයා අල්ලා ගෙන පොලිසියට බාර දී ඇති අතර, පිහි ඇනුමට ලක්ව බර පතල තුවාල ලැබූ කාන්තාව, අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමට කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.
පිහි අනුම සිදු කල පිරිමි පුද්ගලයා සහ තුවාල ලැබූ තරුණිය වසර 9කට ආසන්න කාලයක්, පෙම්වතුන් ලෙස සිට ඇති අතර දෙදෙනා අතර ඇති වූ ආරවුලක් දුර දිග යාම හේතුවෙන්, මෙම පහර දීම සිදු කරන්නට ඇති බවට සැක කරන බව පොලිසිය කියයි.
එම දෙදෙනා අද (30) දහවල් හමු වූ අවස්ථාවේදී පෙම්වතා බව කියන පුද්ගලයාගේ හැසිරීමේ වෙනසක් දුටු පෙම්වතිය, ඔහුගෙන් මිදී දිව ගොස් ඇති අතර, මීටර් පන්සියයක් පමණ දුරක් පමණ ඇය පිටුපසින් ලුහුබැඳ පැමිණි සැකකරු, ඇයට පිහියෙන් ඇන බරපතල තුවාල සිදු කර ඇති බව පොලිසිය කියයි.
පහර කෑමට ලක් වූ තරුණියගේ අත් දෙකට, පිට ප්‍රදේශයට, යටිබඩ ප්‍රදේශයට බරපතල තුවාල සිදුව, ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ 11 වන වාට්ටුවට ඇතුලත් කිරීමෙන් අනතුරුව, ශල්‍යකර්මයක් සිදු කිරීමට නියමිතව තිබූ බව පොලිසිය සඳහන් කළේය.
COMMENTS
මොකක්ද මේ තරුණ පරපුරට වෙලා තියෙන්නේ? එක ප්‍රවෘත්තියකින් කියනවා පෙම්වතා පෙම්වතියව බස් එකෙන් බිමට තල්ලු කරලා කියලා, තව එකක කියනවා පෙම්වතා පෙම්වතියව මුහුදට තල්ලු කරලා කියලා. දැන් පිහියකින් ඇනලා. විශේෂයෙන්ම තමන් ආදරය කළ කෙනෙකුට කොහොමද මෙහෙම කරන්නේ? පෙන්වලා තියෙන්නේ බොරු ආදරයක්ද? ඒත් දෙයියනේ තව කෙනෙකුට මේ වගේ දෙයක් කරන්න තරම් තිරිසන් තත්වයකට පත් වෙන්නේ කොහොමද?
දැන් හැදෙන තරුණ පරම්පරාව හරිම දරුණුයි, මිලේඡ්ඡයි. ප්‍රේම සම්බන්ධයක නොගැලපීම් තියෙනවා නම් කරන්න තියෙන්නේ ඒක නවත්තලා දානවා මිසක් දරුණු වද, හිංසා කරන එක නොවෙයි.
සැම විටම මනස පාලනය කරන්න ඕනෑ.
අසහන කාරයොන්ට පෙම් කරන්න යන එක මරණයට කෙටි මගකි.