IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් සූර්ය පැනල රක්ෂණාවරණයක්

තිරසාර හා පරිසර හිතකාමී බලශක්ති නිෂ්පාදන ක්‍රමවේද දිරිගැන්වීම සඳහා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට අත්වැලක් වීමේ අරමුණින් විශේෂ රක්ෂණාවරණයක් හඳුන්වා දීමට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත නොවන රක්ෂණ සමාගමක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම පියවර ගෙන තිබේ.

මෙම නව රක්ෂණාවරණය මගින් රට පුරා නිවාස, කාර්යාල හා සූර්ය බලශක්ති උද්‍යාන වල සවිකර ඇති සූර්ය පැනල සඳහා මූල්‍යමය රැකවරණයක් හිමි වේ.

මූලික රක්ෂණාවරණය යටතේ ගිනි, අකුණු, කුණාටු, සුළිසුළං, ගංවතුර, භූමිකම්පා සහ හදිසි අනතුරු මෙන්ම විදුලිය හේතුවෙන් ඇතිවන ගිනි ගැනීම ආදී අවස්ථාවලට මෙමගින් ආවරණය ලබාගත හැකිය.

අමතර ගාස්තුවකින් තොරව තවත් අතිරේක ආවරණ හඳුන්වා දීමටද පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම සැලසුම් කර ඇති අතර එය ගනුදෙනුකරුවන්ට බෙහෙවින් වාසිදායක වනු ඇත. මේ අතිරේක ආවරණ අතරට, ආවරණය වන හේතුවක් නිසා පැනල වලට හානි වූ අවස්ථාවකදී සුන්බුන් ඉවත් කිරීමේ කුලිය, ගොඩනැගිල්ල හෝ සවිකර ඇති ව්‍යුහයකට හානි සිදුවීම හේතුවෙන් පැනල ඉවත් කිරීම හෝ වෙනත් ස්ථානයක සවිකිරීම සඳහා වැයවන වියදම්, සහ හානි වූ පැනල අදාළ නියෝජිත සමාගමේ නඩත්තු ස්ථානය වෙත ප්‍රවාහනය කිරීමේ ගාස්තු යනාදිය ආවරණය වේ.

පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම, මෙම රක්ෂණය යටතේ, වෙනත් පුද්ගලයන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා නිසා සූර්ය පැනල වලට සිදුවන හානි ආවරණය කිරීමටද කටයුතු යොදා ඇත. තවද, ඉහත සඳහන් උපද්‍රව හේතුවෙන් ගනුදෙනුකරුවකුගේ ආදායම අහිමි වූ අවස්ථාවකදී, එම ආදායම් අහිමිවීමද මෙම විශේෂ රක්ෂණ යෝජනා ක්‍රමය යටතේ ආවරණය වේ.

මීට අමතරව බලහත්කාරයෙන් ඇතුළු වී පැනල සොරකම් කිරීම, කැරලි කෝලහල, ත්‍රස්තවාදී ක්‍රියා සහ, මතුපිටින් පෙනෙන පිලිස්සුම් සලකුණු නොමැතිව සිදුවන විදුලි හානි සඳහා ආවරණය ලබාගැනීමට කැමති ගනුදෙනුකරුවන්ට, මූලික වාරිකයට අමතරව නාමික මුදලක් ගෙවීමෙන් එම ආවරණය ලබාගත හැකියැයි එම සමාගම සඳහන් කරයි.



අදහස් (0)

පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් සූර්ය පැනල රක්ෂණාවරණයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 676 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site