
(උපාලි ආනන්ද)
අනවසරයෙන් නීතිවිරෝධීව පෙට්‍රල් ලීටර 4 ක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවකට වැරදිකරු වූ අයකුට දින 21 ක සිරදඬුවමක් සහ රුපියල් 1500ක දඩයක් නිකවැරටිය මහේස්ත්‍රාත් චාන්දන ලියනගේ මහතා නියම කළේය.
මෙසේ දඩුවම් නියම වුයේ කොබෙයිගනේ පදිංචිකරුවෙකු වන බී.එම්. ලසන්ත කුමාර බාලසුරිය නැමැති 48 හැවිරිදි පුද්ගලයෙකුටය.
කොබෙයිගනේ පොලිසිය පෙට්‍රල් ලීටර 4 ක් ද සමග අත්ඩංගුවට ගත් මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුට එරෙහිව තිබු චෝදනාවට ඔහු වරද පිළිගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලීටර් හතර වගේ පොඩි පොඩි ගණන් නම් ලංකාවේ ගොඩක් අය එකතු කරගෙන ඇති ඒ අයගෙ සාධාරණ අවශ්‍යතා වලට. හරිනම් අල්ලන්න ඕන බැරල් ගණන් එකතු කරගෙන ඉන්න අයව.
ලීටර් 4කට නඩු දමනවා කියන එක විහිළුවක්! මේ ළඟදි ඇමතිවරයෙක් කිව්වා එයාගෙ මිත්‍රයෙක් 2022 හංගගත්තු ඉන්ධන තවමත් පාවිච්චි කරනවා කියලා. බවුසර් ගණන් හංගන්න ඇති, අවුරුදු හතරක් පාවිච්චි කරලත් තවම ඉතුරු වෙන්න. නඩු දානව නම් අන්න මිනිස්සු! ඇමතිවරයා සීඅයිඩී ගෙනල්ලා හරි අහගන්න පෙට්‍රල් හොරා කවුද කියලා.
මේවගේ තීන්දු දෙන අයටයි, පවුලේ අයටයි හෙනම ගහන්න ඕනේ...