(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බොර් සහ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහත්වරුන් අතර  හමුවක්  පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු විය.     

ආර්ථික අර්බුදයකට මුහුණ පෑමෙන් පසුවද නිදහස් හා සාධාරණ මැතිවරණ තුනක් පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් තානාපතිවරයා මෙහිදී විශේෂ ඇගයීමක් කළේය.

දෙරට අතර ඓතිහාසික සබඳතාව සිහිපත් කළ ඔහු  යටත්විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය යම් පුරාවස්තු ශ්‍රී ලංකාවට නැවත ගෙන ඒමට අදාළව සිදුකරගෙන යන වැඩකටයුතු සම්බන්ධයෙන් ද ඒ සඳහා ශ්‍රී ලංකාවේ විශේෂඥයින්ගෙන් ලැබෙන දායකත්වය සම්බන්ධයෙන්ද සාකච්ඡා කළේය. 

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, යටිතල පහසුකම් වර්ධනය කිරීම, වංචා දූෂණ වැළැක්වීම සම්බන්ධ ප්‍රගතිය, මත්ද්‍රව්‍ය තුරන් කිරීම සම්බන්ධයෙන් ගෙන ඇති පියවර සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා කෙරිණි.