
(අංජුල මහික වීරරත්න)
නීති - රීතිවලින් පමණක් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
රටක සම්ප්‍රදාය ඉතාම වැදගත් අංගයක් බව කී ජනාධිපතිවරයා බුදු දහමෙහි හරයන් මත ගොඩ නැගුණු සම්ප්‍රදාය ශ්‍රී ලංකා සමාජය හැඩගැස්වීමෙහි ලා සුවිශේෂී කාර්යභාරයක් සිදු කර තිබෙන බව කීය.
බෞද්ධ සම්ප්‍රදාය අනුව අනාගත පරම්පරාවට සුරක්ෂිතතාව ලබා දීම සියලු දෙනාගේම වගකීමක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ 74 වන උපසම්පදා රාජ්‍ය උත්සවය පැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයේ අද (22) පැවති සාකච්ඡාවට එක් වෙමිනි .
බෞද්ධාගම තුළ තිබෙන ප්‍රධාන උත්සවයක් වන උපසම්පදා විනය කර්මයෙහි ඓතිහාසික වැදගත්කම මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා උපසම්පදා භික්ෂුව අහෝසි වීම යනු බෞද්ධ සංස්ථාවම අහෝසි වීමක් බවත්, එම අතීත සම්ප්‍රදායන් ආරක්ෂා කර ගනිමින් ගෞරවයෙන් ඉදිරියට ගෙන යා යුතු බවත් සඳහන් කළේය.
ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපසම්පදා විනය කර්ම රාජ්‍ය උත්සවය 2025 ජුනි 30 වන දා සිට ජූලි 5 වැනිදා තෙක් විජිතපුර, පලුගස්වැව පුණ්‍යවර්ධනාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් උදකුක්ඛේප සීමා මාලකයේදී සිදු කිරීමට නියමිතය. සාමණේර හිමිවරුන් 250කට අධික පිරිසකගේ උපසම්පදා විනය කර්ම මහා උත්සවය මෙලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයමංගල ගාථා සම්ප්‍රදායට අයිති නැතෙයි?
ඇයි පච විදලා රටක් ඉදිරියට යන්නත් බැහැ..
ජයවේවා...හැබැයි රට මේ තත්වයට පත්කරපු කාලකණ්ණින්ව නම් නිකන් යවන්න එපා.
JVP තුම්මුල්ලේ විමලේට ඉතින් හේතු තියනවා... සෑම නොහැකියාවටම... එක පචයක් වහන්න තව පචයක් කියනවා.
සිංගප්පූරුව නීති අණපණත් සම්මත කරගෙන අකුරටම ක්‍රියාවට නගපු නිසා නැත්නම් ලංකාවේ මිනිස්සු වගේ තමයි කලින් හිටියේ, අද ඇවරිවත්තට ගියා මෙලොව අපාය, බස්වල ගුවන්තොටුපල ගමනාන්තය, වැසිකිළියක් නෑ. මුත්‍රා කරලා වනසලා, පානදුර වැසිකිළියට 30ක් නහය වහගෙනම මුත්‍රා කරලා ආවේ, නගරවල 99%ක් තත්වය ඕකයි... විදේශකයින් ලස්සන රට අපායක් කරලා කියන එක හරියටම හරි... මේ සමහර ආත්මාර්ථ කුහකයින් හදන්න දැඩිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි...
තුම්මුල්ලේ පචෝරිස් අපේ හාමුදුරුවරුන්ව අන්දනවා වගේ… ඔක්කෝම කාඩිනල්ගෙන් අහලා ක්‍රියාත්මක කරන ගමන්. ජෙප්පෝ ලෝක පචයින්. මුලු රටක්ම රැවැට්ටුවා...
මහාචාර්ය නඩය පෙරටු කොට ගෙන රට ආපස්සට ගෙනියන්න ට්‍රයි කරන්න ඒවිටවත් ඉදිරියට යාවි.........
නීති රිතී අලුත් වෙන්න ඕනෑ... මත්කුඩු, මිනිමැරුම්, ස්ත්‍රී දූෂණ, හොරකම් නැතුව කොහොමද යන්නේ....