IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


නිව්යොක් නගරය ගිලා බසිනවා

(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව් යෝර්ක් නගරය වසරකට සාමාන්‍යයෙන් මිලිමීටර් 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් ගිලා බසිමින් තිබෙන බවත් ඇතැම් ප්‍රදේශ  වසරකට මිලිමීටර 4.5 කින් ගිලා බසින බවත් නවතම අධ්‍යනයකින් හෙළි වී ඇත.

නිව් යෝර්ක් නගරය පුරාවට ඉදිකර ඇති  ගොඩනැගිලි වල බර හේතුවෙන් පොළවට එල්ල වන බලපෑම ගණනය කිරීමට පරිගණක ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද අනුරුවක් අධ්‍යනය සිදුකල පර්යේෂක කණ්ඩායම භාවිත කර ඇති අතර එය චන්ද්‍රිකා දත්ත සමඟ සංසන්දනය කිරීමෙන් වසරකට නිව් යෝර්ක් නගරය ගිලා බසින ප්‍රමාණය ගණනය කර ඇත.

මෙසේ නිව් යෝර්ක් නගරය ගිලා බැසීමට නගරය පුරා ඉදිකර ඇති ගොඩනැගිලි වල බර සහ මිනිසුන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් සිදුවන දේශගුණික විපර්යාස හේතු වී ඇතැයි අධ්‍යනය සිදු කළ පර්යේෂකයන් පෙන්වා දී තිබේ.

පර්යේෂකයන් තවත් නගර 99 ක දත්ත අධ්‍යනය කර ඇති අතර එහිදී මෙය නිව් යෝර්ක් නගරය පමණක් මුහුණ දෙන ගැටළුවක් නොවන බව අනාවරණය වී ඇත. ඉන්දුනීසියාවේ ජකර්තා නගරය ඉතාමත් වේගයෙන් ගිලා බසින බවත් ඒ හේතුවෙන් වෙනත් ස්ථානයක නව අග නගරයක් ඉදිකිරීමට අවධානය යොමු කර ඇති බවත් පර්යේෂකයන් පෙන්වා දී ඇත.

අධ්‍යනය සිදුකල කණ්ඩායම නිව් යෝර්ක් නගරය පුරාවට ඇති ගොඩනැගිලි 1,084,954 හි ස්කන්ධය මැන බලා ඇති අතර ඒ අනුව නිව් යෝර්ක් නගරය පුරාවට ඇති ගොඩනැගිලි වල සම්පූර්ණ බර කිලෝ ග්‍රෑම් බිලියන 762 ක් බව නිගමනය කර තිබේ.

එම බර සම්පූර්ණයෙන් බර පැටවූ බෝයින්ග් 747-400එස් ගුවන් යානා මිලියන 1.9 ක බරකට ආසන්න වන බවද පැවැසෙයි.එසේම නිව් යෝර්ක් නගරයේ මුහුදු මට්ටම ගෝලීය මුහුදු මට්ටම ඉහළ යන වේගයට වඩා දෙගුණයකින් ඉහළ යන බවත් 2050 වසර වන විට නිව් යෝර්ක් නගරයේ මුහුදු මට්ටම අඟල් 8 ත් 30 අතර ප්‍රමාණයකින් ඉහළ යනු ඇති බවට පුරෝකථනය කර ඇති බවත් පර්යේෂකයන් පවසා ඇත.

නිව් යෝර්ක් නගරයේ මුහුදු මට්ටම දෙගුණයකින් ඉහළ යාමත් වසරකට සාමාන්‍යයෙන් මිලිමීටර 1 ත් 2 ත් අතර ප්‍රමාණයකින් නිව් යෝර්ක් නගරය ගිලා බැසීමත් හේතුවෙන් අනාගතයේදී  නිව් යෝර්ක් නගරයට දේශගුණික විපර්යාස වලට මුහුණ දීමේදී ගැටළු රාශියකට මුහුණ දීමට සිදුවනු ඇතැයි පර්යේෂක කණ්ඩායම පෙන්වා දී තිබේ.

මීට පෙර 2022 වසර සිදුකල අධ්‍යනයකින් හෙළි වී ඇත්තේ ලෝකයේ වැඩිම ජනතාවක් ජීවත්වන වෙරළබඩ නගර 48 න් 44 කම මුහුදු මට්ටම ඉහළ යන වේගයට වඩා වැඩි වේගයකින් ගිලා බසින ප්‍රදේශ තිබෙන බව හෙළි වී තිබෙන බව පර්යේෂක කණ්ඩායම සඳහන් කර ඇත.



අදහස් (0)

නිව්යොක් නගරය ගිලා බසිනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 89 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 930 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2548 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site